නව සහශ්‍රයේ ගතවූ වසර 13ක දී ලෝකයේ වාන්නතර වර්ග කිලෝමීටර ලක්ෂ 23 ක් විනාශ වී ඇතැයි නවතම ලෝක සිතියම අධ්‍යයනයේ දී පෙනි යයි.
චන්ද්‍රිකා දත්ත පදනම් කරගෙන සකසා ඇති නව ලෝක සිතියම මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ හැකියාව ඇත. මෙරිලන්ඩි විශ්වවිද්‍යාලයේ සිතියම් සැකසීම් අංශ ප්‍රධානී භූ විද්‍යාඥ මැටි හැන්සන් පවසන්නේ මේ ආකාරයේ ලෝක සිතියම් ඇත්තේ මෙය පමණක් බවයි. ලෝකයේ වේගවත් සංවර්ධනය හා වෙනස්වීම් ප්‍රාදේශීය වශයෙන් සන්සන්දනය කළ හැකි වීම මේ සිතියමේ විශේෂත්වයකි.
මේ සිතියමෙන් වර්ෂ 2000 සිට 2012 දක්වා දත්ත ආවරණය කැර ඇත. මේ කාලයේ සිදුවූ වන විනාශය සහ වනව වාගාවන් සංසන්දනය කිරීමේදී එම අදාල කාලසීමාව තුළ වර්ග සැතපුම් 309000 ක් වන වගා අළුතෙන් මිහිතලය මත ඇතිවී තිබේ. වර්ග සැතපුම් 888,000 ක් විනාශ වී ඇත. මේ අනුව ලොව වන වැස්මෙන් වර්ග සැතපුම් 579,000 ක් ගතවූ වර්ෂ 12 දී මිහිතලයට අහිමිවී ඇත.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ලෝකයේ සෑම රටකම වන විනාශ සිදුව ඇති බවයි. අඩුව වන විනාශයක් සිදුව ඇත්තේ බ්‍රසීලයේ බව ද හඳුනාගෙන ඇත. සෑම වර්ෂයක දී ම වර්ග සැතපුම් 500ක් හෙවත් වර්ග කිලෝ මීටර 1300ක් වනාන්තර විනාශය සිදුවන බව ද පර්යේෂණ මගින් තහවුරු කැරගෙන ඇත.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.