IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා බෙහෙත් කරල‍ ඇණවුම් කරයි

'කොවිඩ් 19' වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'මොල්නුපියවියර්' නමැති බෙහෙත් කරල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමත් සමඟ එය ඇණවුම් කිරීමට තායිලන්තය තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

තායිලන්ත සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 'මර්ක්' සමාගම සමඟ සාකච්ඡා කිරීමෙන් පසු'මොල්නුපියවියර්' ඖෂධ ලක්ෂ දෙකක තොගයක් සඳහා ඇණවුමක් ලබා දීමට සූදානමින් පසුවන බවය.

මේ වනවිට දරුණු 'කොවිඩ් 19' වසංගතයකට මුහුණ පා සිටින තායිලන්තය පමණක් නොව, ආසියානු රටවල් කිහිපයක් ම 'මොල්නුපියවියර්' ඖෂධය ඇණවුම් කිරීම සම්බන්ධයෙන් 'මර්ක්' සමාගම සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

'මර්ක්' යනු ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, බොහෝ දෙනා එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ රැසක් නිෂ්පාදනය කරන්නේ ද මෙම සමාගමය. 1891 දී ආරම්භ වුණු 'මර්ක්' මූලස්ථානය ඇත්තේ නිව්ජර්සි ජනපදයේ කෙලින්වර්ත් නුවරය.

'කොවිඩ් 19' රෝගීන් ඉක්මණින් සුව කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඖෂධ කීපයක් නිර්මාණය ඇති නමුත් එම ඖෂධ ලබා දීම සිදුවන්නේ කොරෝනා ආසාදිත අසාධ්‍ය රෝගීන්ට, රෝහලක් තුළ වෛද්‍ය අධීක්ෂණයක් යටතේය.

'මොල්නුපියවියර්' ඖෂධය එසේ අවදානම් එකක් නොවන බවත්, එය වෛද්‍ය උපදෙස් අනුව, නිවසේ දී පවා, භාවිතයට ගතහැකි බවත් පැවැසෙයි. 'මොල්නුපියවියර්' මගින් සිදුවන්නේ, 'කොවිඩ් 19' ආසාදිතයන් රෝහල්ගත වීමට ඇති ඉඩ සහ මරණයට පත්වීමට ඇති ඉඩ අවම කිරීමය.

තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් ද අවසන් හෙයින්, ඖෂධය භාවිතයට අවසර ඉල්ලා 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර අවසන් බව පසුගිය දා දැන ගන්න ලැබුණි.

ඒ අනුව, ඉදිරි දින කීපය ඇතුළත 'මොල්නුපියවියර්' හදිසි භාවිතයට සුදුසු ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය සිය නිර්දේශ නිකුත් කරනු ඇත. එසැණින්, 'මොල්නුපියවියර්' ඖෂධ මිලදී ගැනීමට තායිලන්තය ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සූදානමින් පසුවන බව රොයිටර් පුවත් සේවය පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

කොරෝනා බෙහෙත් කරල‍ ඇණවුම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site