IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුර්දි සටන්කාමීන්ගෙන් තුර්කි හමුදාවට ප‍්‍රහාර වැලක්

කුර්දි සටන්කාමීන් ගිණිකොණ දිග තුර්කියේ දී පෙරේදා(19) එල්ල කළ ප‍්‍රහාරවලින් තුර්කි හමුදා භටයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 18 දෙනෙක් තුවාල ලැබූහ. ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි හකාරි පළාතේ ස්ථාන අටකදී කුර්දි කැරලිකරුවන් මෙම ප‍්‍රහාර එල්ල කොට තිබේ. මෙම ප‍්‍රහාරය නිසා තුර්කි අගමැති රිසෙප් ටයිප් අර්ඩගොන්ට සිය විදේශ සංචාරය සහ ආරක්ෂක නිලධාරී හමුව අවලංගු කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ. ප‍්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව උතුරු ඉරාකයේ කඳුකර ප‍්‍රදේශවල රැුඳී සිටින කුර්දි කැරලිකරුවන් සොයා තුර්කි හමුදා මෙහෙයුම් ඇරඹුණු බව එරට ආරක්ෂක අංශ පවසයි. ඒ අනුව  තුර්කි ගුවන් හමුදාව එරට ඩියර්බකිර් පළාතේ පිහිටා ඇති ගුවන් හමුදා කඳවුරේ සිට  යානා යොදා ගෙන මෙහෙයුමක් දියත් කළ අතර විශේෂ බලකා භටයන්ගේද සහය ලබා ගත් බව හමුදා ප‍්‍රධානීහු කියා සිටියහ. ප‍්‍රහාරය හෙළා දකින ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ මෙය සාහසික ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත්, ත‍්‍රස්තවාදය මැඩලීමේ සටනට තම සහය තුර්කි රජය වෙත ලබා දෙන බවත්ය. ඒ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා සිටියේ තුර්කිය සහ ඉරාකය එක් වී ස්ථිරසාර විසඳුමක් ගැටුම්කාරී තත්වය අවසන් කිරීමට ලබා දිය යුතු බවයි. ඉරාකයේ පිහිටි කුර්දි කඳවුරුවලට පසුගිය මාසවල එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් කුර්දි සටන්කාමීන් සියයක් පමණ ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි තුර්කි හමුදා වාර්තා කරයි. වයඹදිග තුර්කියේ ක‍්‍රියාත්මක වන කුර්දි සටන්කාමීන් තුර්කි රජය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන අතර 1984 වසරේ සිට මේ දක්වා ඇති වූ ගැටුම් වලින් පුද්ගලයන් 45,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ප‍්‍රංශ පුවත් සේවය පවසයි.



අදහස් (0)

කුර්දි සටන්කාමීන්ගෙන් තුර්කි හමුදාවට ප‍්‍රහාර වැලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site