පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැළකෙන කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බවටත් නුවර වැසියෝ චෝදනා කරති.
කරච්චි වැසියන් මේ බව කියා සිටියේ ඊයේ (13) නගරයේ ස්ථාන කිහිපයකින් මළසිරුරු 6 ක් හමුවූ බව පොලිසිය පැවැසූ අවස්ථාවේදීය.
මරා දැමුණු එම පුද්ගලයන් සය දෙනා කුරිරු ලෙස වධබන්ධනයන්ට ලක් කර ඇතැයි ද පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.
මිලියන 18 ක පිරිසක් ජීවත් වන කරච්චි නුවර ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැුඹුණේ, මීට වසර කිහිපයකට පෙරය. පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසු එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ තලේබාන් හිතවාදී ආයුධ සන්නද්ධ කල්ලිය.
පාකිස්තාන හමුදාව, තලේබාන් සටන්කාමීන් සමඟ සටන් ආරම්භ කළේ 2001 වසරේ දී ඇමෙරිකාව ආරම්භ කළ ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමෙරිකාවට සහාය පළ කරමිනි.
පාකිස්තාන හමුදාව තලේබාන් සටන්කාමීන්ට දිගට හරහට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරද්දී පවා, තලේබාන් හිතවාදී සටන්කාමීහු පාකිස්තානයේ නොයෙක් නොයෙක් පළාත්වල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරති.
එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් දහස් ගණනකට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී ඇත. එපමණක් නොව, බොහෝ දෙනකුට උන්හිටිතැන් ද අහිමි වී ඇත.
ඉකුත් 7 වැනිදා, කරච්චි නුවර ලයාරී පළාතේ පා පන්දු කී‍්‍රඩංගනයක අධි බලැති බෝම්බයක් පුපුරා යෑමෙන් කුඩා දරුවන් හත් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 24 දෙනෙක් තුවාල ලැබූහ.
2025 දෙසැම්බර් මස 04
60
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
364
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උග‍්‍ර වෙයි
වීර Wednesday, 14 August 2013 08:41 PM
මාෂා අල්ලාහ්! (අ)
ධම්ම Wednesday, 14 August 2013 10:25 AM
ඉන්දියාව,පකිස්තානය,බංගලාදේශය එදාමෙන් එකට තිබුණා නම් අද ලෝකයේ බලවත්ම රට එයයි. සුද්දෝ සූක්‍ෂම ලෙස ඔවුන් වෙන්කළා පමණක් නොවෙයි අභ්‍යන්තර ගැටුම් ඇතිවන බීජත් වපුරලා ගියා. (ස)
ලාරා කෑගල්ල Thursday, 15 August 2013 12:15 AM
මාෂ් අල්ලාහ් !.මේක දෙවියන්ගේ කැමැත්ත ? (අ)