1982 දි වයස අවුරුදු 23ක් වූ ප්‍රංශ ජාතික පැට්රික් හෙවේර්ට්  කඳූ නඟින්නා ඇල්පස් කඳූ මුදුනේ මීටර් 4000ක් ඉහලින් පිහිටි ඇගුයිල් වර්ට් (කොළ පැහැ ඉදිකටු තුඩ)  නම් ස්ථානයේදි හදිසි අනතුරකින් අතුරුදන්වී ඔහු  සොයා ගැනීමට නොහැකි වුයේය. එනමුදු අවුරුදු 32කට පසු පසුගිය ජූලි 03 වැනි දා ඔහු  සොයා ගැනීමට හැකි වුයේය. ඇල්ප්ස් කඳූ මුදුන තරණය කල පිරිසකට ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේය.

 අවුරුද්ද මුළුල්ලේ හිම වලින් වැසී ඇති යුරෝපයේ උසම කදු වැටිය ලෙස ප්‍රසිද්ධ ප්‍රංශයේ නැගෙනහිර හා ගිණිකොන දිශාවත්, ස්විස්ට්සර්ලන්තයේ බටහිර දේශ සීමාවේ පිහිටි ඡිනිවා නගරය පිහිටි ප්‍රාන්තයත් එක් කරන ඇල්ප්ස් කඳු මුදුන තරණය කිරීමට  බොහෝ දෙනෙක් එති. ඇල්ප්ස් කඳු මුදුනේ මොන්ග් බොලොන් කදු ගැටිය තරණය කඳු නගින්නන්ගේ අවසාන ජය කනුව ලෙස සැලකේ.

ලෝක ප්‍රසිද්ධ කඳූ නඟින්නෝ ඇල්ප්ස් කඳූ මුදුන තරනයට බොහෝ ප්‍රිය කරති. එවැන්නන් අතරින් එම කඳූ මුදුන තරණයේදි ජීවිතයෙන් සමු ගත්තෝද සිටිති. වර්ෂ 1950 සිට මේ දක්වා එසේ ජීවිතයෙන් සමු ගත්තෝ 130ක් පමණ වෙති.

15 16 17