IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කැනඩා තීරනේට කනස්සල්ල

පොදුරාජ්‍ය මණඩලය එහි සාමාජික රටවල් වල සංවර්ධන කටයුතු උදෙසා පිහිටුවාගෙන සිටින අරමුදල වෙත ලබාදෙන ආධාර අත්හිටුවීමට කැනඩාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව පොදුරාජ්‍ය මණ්ඩලයේ ලේකම් ජනරාල් කමලේෂ් ශර්මා පසුගියදා පැවසීය.

ශී්‍රලංකාවේ සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීමේ චෝදනා මුල් කරගෙන කැනඩාව මෙම තීරණයට එළැඹ සිටී.ඉදිරි වසර 2 සදහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය දරන්නේ ශී්‍රලංකාව වන අතර එම වසර 2 පුරාවටම පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල සංවර්ධනය කටයුතු සදහා වන අරමුදලට ආධාර ලබාදීමෙන් කැනඩාව වැළකී සිටිනු ඇත.

කැනඩාව තම තීරණය වෙනස් කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව කමලේෂ් ශර්මා කීය.

කැනඩාව ආධාර ලබානොදුන්නද අනෙක් සාමාජික රටවල් ලබාදෙන ආධාර වලින් සැළසුම් කරගෙන සිටින ව්‍යාපෘතින් කි්‍රයාවට නැංවිය හැකිවනු ඇතැයිද ඔහු පැවසීය.

සංවර්ධනය සදහා වන මෙම අරමුදල කි්‍රයාත්මක වන්නේ සාමාජික රටවල් අතර අනෙේ‍යා්න්‍ය අවබෝධය මත පිහිටා වන අතර එයට සාමාජික රටවල් ආධාර සපයන්නේ ස්වේච්ඡාවෙනි.සාමාජික රටවල සැළසුම් කරගත් සංවර්ධන කටයුතු සිදුකෙරෙන්නේ හා සංවර්ධන කටයුතු වලට අවශ්‍ය නිවැරදි තාක්ෂණික දැනුම හා සහය ලබාදෙන්නේ මේ අරමුදලේ සම්පත් උපයෝගී කරගනිමිනි.

ඒකෙසේවූවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල ළමා හිංසනය වැළැක්වීම,අඩු වයස් විවාහ,මානව හිමිකම් සුරැකීමේ ගැටලූ සම්බන්ධයෙන් වන තත්ත්වයන් මැඩපැවැත්වීමට ඩොලර් ලක්ෂ 200 ක ආධාර මුදලක් ලබාදීමට කැනඩාව සූදානමින් සිටී.



අදහස් (0)

කැනඩා තීරනේට කනස්සල්ල

ලන්සා Tuesday, 22 April 2014 10:41 AM

කොයි එකටත් ඔය ලැබෙන මුදල් නියම අන්දමට යොදවනවද කියල කවුරුත් බලාගෙන ඉන්නේ. මොකද ලංකාවේ ඉන්න අය ගැන හැමෝම දන්නවනෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site