දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 238 සිට 262 දක්වා ඉහළ ගොස් ඇතැයි කටාර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද (11) නිවේදනය කළේය.
එක් වර ප්‍රජාවකට ආසාදනය වීමේ ප්‍රතිඵලයක් ලෙස කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙලෙස එක්වර යන්නට ඇතැයි ද කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවීය.
කටාර් රාජ්‍යයෙන් මෙතෙක් කිසිඳු කොරෝනා මරණයක් වාර්තා වී නොමැති නමුත් සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමටත් මහජනතාව එක්රැස් වන උත්සව හා ඉසව් යනාදිය අවලංගු කිරීමට බලධාරීහු පියවර ගෙන ඇත.
‘මොටෝජීපී’ තරගාවලිය අවලංගු කිරීමටත් රටවල් 14 කින් පැමිණෙන සංචාරකයන්ට රටට ඇතුළු වීම තහනම් කිරීමට කටාර් බලධාරීහු ඉකුත් දා පියවර ගත්හ.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ රටේ උත්සව තහනම් කියන එක අමුලික බොරැ කතාවක්. වගකිමෙන් කියන්නෙ කිසිම ආරකෂාවක් තවමනමි නෑ
මොවුන් (අරාබි රටවල් ) මේ තහනම් නියෝග නිකුත් කරනකොට බලන්නේ කිසිම විද්‍යාත්මක ක්‍රමයකට නොවේ. මුලින්ම තුන්වෙනි ලෝකයේ දුප්පත් කුඩා රටවල් වන ලංකාව, බංගලාදේශය, නේපාලය වැනි රටවලට තහනම් නීති පනවනවා. නමුත් ලංකාවේ මෙතුවක් සොයාගෙන තිබෙන්නේ කොරෝනා රෝගියෝ 2 යි. නමුත් කටාර් වල 262 ක් ඉන්නවා. කොරෝනා වෛරස් එක පැතිරෙන්නේ සහ රෝගීන්ට දරුණු ලෙස රෝග ලක්ෂණ ඇතිවෙන්නේ 29°C වලට අඩු උෂ්ණත්වයක් පවතිනකොටයි. අරාබි රටවල හැමතැනම වායුසමීකරණ ය කරලා තිබෙන නිසා වෛරස් එකට බෝ වෙන්න පහසුයි. වායුසමීකරණ යන්ත්‍ර තුළ ඇති ෆිල්ටර් එකේ මෙම වෛරස් රැදිලා තම වර්ගය පහසුවෙන් බෝ කරගැනීමත් එම තුළින් දිගින් දිගටම බෙදාහැරීමක් සිදු වෙන නිසා එම රටවල මෙම රෝගය පහසුවෙන් බෝ වෙනවා.
අන්ලයික් කරපු කෙනා කොහේ ඉන්න කෙනෙක්ද? මොනවාද අරන් තියන ක්‍රියාමාර්ග...?