කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය නැතිව, සිරියානු රජයට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ජනපති ඔබාමාට හැකියාවක් ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි.
නම හෙළි කිරීමට අකමැති වූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඊයේ (3) මේ බව හෙළි කළේ ඇමෙරිකාවේ ෆොක්ස් පුවත් නාළිකාවටය.
කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව, සිරියාවට ඉතා සැලැසුම් සහගතව ප‍්‍රහාරයක් එල්ල කිරීමට ජනපති ඔබාමා සියල්ල සූදානම් කර ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.
කෙසේ නමුත් ජනපති ඔබාමා පවසා ඇත්තේ කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව තමා සිරියාවට පහර නොදෙන බවය.
රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා ඒ බව කීවේ, ඇමෙරිකා ජනපති ඔබාමා සිරියාවට හමුදාමය මැදිහත් වීමක් කිරීමට සැකැසූ යෝජනාවලිය කොංග‍්‍රස් මණ්ඩලයේ බොහෝ දෙනාගේ දැඩි විරෝධයට හේතු වීමත් සමඟය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලබන 9 වැනිදා කොංග‍්‍රස් මණ්ඩලයේ දී සාකච්ඡුා කිරීමටත්, සිරියාවට පහර දෙනවා ද නැද්ද යන්න විවාදයට ගැනීමටත් නියමිතය.
සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නවා නම්, සිවිල් ජීවිත හානි අවම කිරීමට කටයුතු කරමින්, සිරියානු රජයේ සහ හමුදාවේ මර්මස්ථාන හඳුනාගෙන ඒවාට පමණක් පහර දෙන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ඔබාමා, එරට ආරක්ෂක අංශ ප‍්‍රධානීන් හමු වී පසුගිය දා සිරියාවට පහර දීමක් කළ යුතු ආකාරය ගැන සාකච්ඡුාවක් ද පැවැත්වීය.
‘ඉකුත් 21 වැනි දා සිරියාවේ සිදුවුණු රසායනික විස වායු ප‍්‍රහාරය සිදු කළේ සිරියානු රජය බවට සැකයක් නැහැ. එම ප‍්‍රහාරයෙන් මියගිය 496 දෙනකුම කුඩා දරුවන්. සිදු වුණේ මහා මානව සංහාරයක්.
සිරියානු රජයට තවත් එවැනි අපරාධ සිදු කිරීමට ඉඩ දිය යුතු නැහැ.’ යැයි ජනපති ඔබාමා පවසා ඇත.
සිරියාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීම සඳහා කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිට ලබා ගැනීමට ජනපති ඔබාමා සූදානම් වන්නේ ලබන 9 වැනිදාය.
|
බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්, ඒකාධිපති පාලකයකු බවත්, හිට්ලර් කෙනකු බවත්, සිවිල් වැසියන් අමු අමුවේ මරා දමන ඝාතකයකු බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පෙරේදා (2) ප‍්‍රසිද්ධියේ චෝදනා කළේය. ඔහු එසේ චෝදනා කර පැය කිහිපයක් ගත වෙද්දී බි‍්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත් සේවය මෙම ඡායාරූපය ප‍්‍රසිද්ධියට පත් කළේය.
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොදයි අපේ දෙන්නා එක්ක සසදනකොට !(නදී)
මට එකක් කියන්න පුළුවන්. සිරියාවට ගහල ඇමරිකාව අනාගන්නවා (දී)
ප්‍රබාකරන් සහ ඔබාමා අතර වෙනසක් මට නම් පෙනෙන්නේ නැහැ.අවසානයත් එහෙම වේවි. (ස)
ඔබම විරුද්ධ වුනත් ඔය යුද්ධය කෙරෙන්න ඉඩ තියෙනවා. ඇමරිකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය තමයි ආයුධ වෙළෙඳාම.ඔබාමටත් බලපෑම් කල හැකි අය ඉහලම නිලධාරීන් අතර ඉන්නවා. (ස)
ඒ උනාට ඇමෙරිකාව, රුසියාව වගේ ත්‍රස්ත වාදීන්ට ආයුධ දෙන්නේ නෑ, මුළු අප්‍රිකාවෙම ත්‍රස්ත හමුදා පාවිච්චි කරන්නේ රුසියන් හා පරණ කොමයුනිස් රටවල හදන යුධ ආයුධ තමයි. (ස)
මේ අදහස් දාන මිනිස්සු දැක්කා නම් පොඩි ළමයි හුස්ම ගන්න බැරිව මැරෙන හැටි. ඇමෙරිකාවට කියනවා දැන් සිරියාවට ගහන්න කියලා .බලන හැම කෙනෙක්ම අඩනවා . (ස)
බලන කොට ලෝකෙම අඳුරු යුගයකට යනවා වගේ දැනේ .කොහොමද හොමුස් සමුද්‍ර සන්දිය වැහුවොත් මේ වෙලාවේ .මේ ගොල්ලන් කරන්න යන්නේ පොඩි පොඩි කෙමිකල් නවත්තල එකපාරටම ලොකු කෙමිකල් බාල්දියක් හලන්න ලෝකෙට (දී)
දී කිරට බළල්ලුත් සක්කිලු (දී)
සිරියාවට දෙන්න කුඩුවෙන්න ...ඔබාමා ඔබ සැබැ වීරයෙක් ...(දී)
ඇමෙරිකාව කවදත් කලේ තෙල් ටික ගන්න මාන බලපු එකනේ. ඔහොම යන්. ස්වභාව දර්මය ඇමෙරිකාවට දැඩි දඩුවන් දෙවි.(නදී)
කුමාර් මොන දෙයක් දැනගෙනද එහෙම නැත්නම් හිතලද කතාකරන්නේ? තලේබාන් , බින්ලදෙන් , ජාතකය කලේ ඇමෙරිකාව. මිසයිල තලේබාන් ලට දුන්නේ ඇමෙරිකාව. මේක යුද වෙළදාමක්. දෙගොල්ලෝ දෙපැත්තට වෙලා ආයුද විකුනනවා. අල්ලාට මේක දන්නේ නැහැ. එයාගෙම අය දෙපැත්ත බෙදිලා ගහගෙන රුසියවයි අමෙරිකවයි දැනුවත් කරනවා. (දී)