තම පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට එරට පුරවැසි භාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයනටත් අවස්ථාවක් දෙන බව ඕස්ට්‍රේලියාවේ විපක්ෂ නායක හා ලිබරල් පක්ෂයේ නායක ටෝනි ඇබ්බොට් මහතා පවසයි. වත්මන් රජයේ මෙන්ම තම පක්ෂයේ ද දුරුවලතා හඳුනාගෙන ඒවාට විසැඳුම් දෙමින් මෙවර මැතිවරණයට නව වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර ඇතැ බව ඔහු කියයි. ඊට අමතරව පාකිස්තාන, වියට්නාමය, ඉතියෝපියාව, මුරුසිය, තායිලන්තය, ලෙබනන්, තායිවානය, කොරියාව, ග්‍රීක හා ඉතාලියෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ පුරවැසි බව හිමිකර ගත් අයට ද මෙම අවස්ථාව ලබා දීමට විපක්ෂ නායක වරයා තීරණය කර ඇත. ශ්‍රී ලාංකිකයෝ කිහිප දෙනෙක් දැනටමත් එරට නගර සභික හා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හදන්නද දන්නෙ නැහැ කල්පනාව. (නි)
බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය වෙනුවෙන් ආවඩන්නන්ට හොද අවස්ථාවකි. ඔබ සිංහල බෞද්ධ වුවත් ඔබට ක්‍රිස්ත්‍රියානි සංස්කෘතිය පිළිගැනීමෙන් හා ඒ මත ජීවත් වීම හැරෙන්නට වෙන කිසිසු අයිතිවාසිකමක් ඔබට නැත. මෙහි ඇති මානව හිමිකමක් මට නොපෙනේ. අන් සියලු ජාතින්ගේ අයිතිවාසිකම් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් අහිමි කොට ඇත. (නි)
ඇයි ප්‍රදීප්, ඔයා හිතන්නේ අපි එහෙ යන්නේ ලංකාවේ ප්‍රාන්ත හදන්න කියලද. නිකන් මෝඩ කතා කියන්න එපා.මොකෝ අපිව මෙහාට බලෙන් ගෙන්වා ගත්තේ නැහැනේ.අපි බලෙන් ආවේ.දැන් මේ රටේ ජාතින් 16 ක් ඉන්නවා.ඔහේ කියන විදියට ප්‍රාන්ත 16 ක් හදන්න අපට අවශ්‍යය නැහැ. (නි)
බලන්න අර වැටවල් නැති හෝටලයේ නවතින්නත් පුලුවන්ද කියලා? (නදී)
බලයට, තමාගේ රටේ අනිත් අය පුරෝගත්තාම අනාගතේ ජාතිවාද අගම්වාද ඇතිවෙන එක වලක්වා ගන්න බැහැ. කරුණාකරලා මෝඩ වැඩ නොකර ඉන්න. අපිටත් අපේ රටටත් වෙලා තියෙන්නේ මේකමයි. (නි)
ඔන්න ඕස්ට්‍රලියාවේ ඉන්න කොටින්ට ජාත්‍යන්තර දේශපාලනයට එන්න හොඳ අවස්ථාවක්, ලිබරල් කියන්නේ හැම රටකම ජාතික වටිනාකම කා දමන පක්ෂයක්, මොකද එයාලට ඕස්ට්‍රේලියාවේ අබෝරිගේනීස්ලට කතා කරන්න බැරි ? තාම මුල් ජාතිකයන්න්ට සලකන්නේ රටේ සත්ව කොටසකට වගේ. අනේ උන්දලාගේ ලිබරල්.(නදී)
ඕස්ට්‍රේලියාවේ නම් මම දන්නේ නැහැ. ඉතාලියේ එහෙම ඔය වැඩේ කරන්න දුන්නොත් මෙහෙ ඉතුරු ටිකත් ඉවරයි. දැනටත් මෙහෙ අපේ කට්ටිය ඉතාලි ජාතිකයන්ව ජරාවට පුරුදු කරලා තියෙන්නේ. (නි)
අපෝ එයා නම් කොහොමත් දිනයි. (නි)
අයියෝ මහත්තයෝ, හරි ලේසියි නොවැ.සුදු ඇදලා අගලක් විතර මහතාට සුදු නුලක් අතේ බැදලා, පන්සලේ දවසයි,කෝවිලේ දවසයි,මුස්ලිම් පල්ලියේ දවසයි,ක්‍රිස්තියානි පල්ලියේ දවසයි ගත කරන්න.රැස්වීම් ටිකක් තියලා බබාලා ඉබින්න.සහනාදාරයක් දෙනවා කියන්න.බටහිරට බනින්න.ලංකාවේ අය ඔබ උඩින්ම දිනවයි..... (නි)
අනේ විපක්ෂ නායකතුමනි, ලංකාවේ අයට වැඩකරන පැය ගණන, නීතිගරුක බව,කාර්යක්ෂමතාවේ,අවංකකම ගැන කියන්න ගියොත් ඔබව පරදීවි. ඒ නිසා සහනාධාර,නිවාඩු,ආගම,සංස්කෘතිය, ඉතිහාසේ, පුරාජේරු කතා,බටහිර විරෝදී කතා,බොරුව,වංචාව වගේ දේවල් ගැන කතා කරන්න. ඔබ දිනාවි. (නි)
මහත්තයෝ, අපේ අය තම ලෝකෙන් අල්ල ගන්න ලේසිම ජාතිය.කතා කරන්න ඉතිහාසේ ගැන,සංස්කෘතිය ආගම ගැන,ජාත්‍යාලේ,ජාතිවාදේ, බටහිර විරෝදේ.... පන්සල් පල්ලි යන වග ප්‍රදර්ශනේ කරන්න.ඔහේ කුඹුරු එහෙම තියෙනවද?නියරක මඩක පින්තුරත් ගන්න.ඔරු පදිනවා පාරු පදිනවා වගේ පින්තුරත් ගන්න.ඔබට වැඳ වැඳ ඡන්දෙ දේවි. (නි)
අනේ විපක්ෂ නායකතුමනි, මොනවත් එපා. යන්න අපේ අය ලගට ඉතිහාස කතා ටිකකුත් අරන්.සහනාධාරයක් දෙන්නම් කියන්න.නිවාඩු වැඩි කරලා පඩි වැඩි කරනවා කියන්න.සිමෙන්ති කොට්ටයක් ටකරමක් දෙන්නම් කියන්න.ඔබ උඩින්ම දිනයි. (නි)
අපේ අයත් එක්ක මානව හිමිකම්,සමනාත්මතාවේ,ප්‍රජතන්ත්‍රවාදේ, නුතන ලෝකය,ඕස්ට්‍රේලියාවේ දියුණුව තකා මහන්සි වී වැඩ කිරීම වගේ දේ ගැන කතා කළොත් ඔබ පරදිනවා.ඒ නිසා ඒවා කතා කරලා අනාගන්න එපා. ඔය රැස්වීමක ළමයෙක් එහෙම දැක්කොත් අනිවාර්යෙන් ඉඹින්න. ඒවාට ලකුණු ගොඩක් වැටෙනවා.පුළුවන් නම් සුදු ඇදුමක් හොයාගන්න.නිතර හිනාවෙන්න.හැමදේටම ආගමික උත්තර දෙන්න.ඔබ ජය ගන්නවා සිකුරුයි. (නි)
සිංහල මිනිස්සු පුරාජේරුවට, කයිරාවරු කතා වලට හරි කැමතියි. වැඩ ගැන කතා නොකරන්න. ඒසේ කලොත් ඔවුන් ඔබ පරදවාවී. අනෙක් සියලු ජාතින් ඔවුන්ට පහතින් ඇති බවත් සිංහල ලොව එකම අති ශ්‍රේෂ්ට උතුම්ම ජාතිය බවත් අමතක නොකර සෑම රැස්විමක්ම පවසන්න. ඔවුන් සතුටින් ඉහ වහා යනු ඇත.(නදී)
ඔබට සිංහල ඡන්ද ඕනා නම් වෙන මොකුත් එපා ලංකාවේ ආණ්ඩුවත් එක්ක ගිවිසුමක් ගහලා මෙහෙන් මොනවා හරි ඔස්ට්‍රලියාවට අරගෙන ගිහින් ප්‍රදර්ශනයක් තියන්න. ඔබ ගොඩ.(නදී)
ප්‍රදර්ශනයක් තියන්න. එහෙත් ඔබට ජය සිකුරුයි.(නදී)
කොන්ත්‍රාත් කාරයෙක් අනික් අයව අන්දන ක්‍රම හොයනවා.(නදී)
මොනවත් එපා. බත් පැකට් එකයි අරක්කු බාගයයි දෙන්න. වැඩි වියදමක් නැහැ. අඩුවටම ගොඩ යන්න හොදම කට්ටිය ලංකාවේ අය.(නදී)
අපේ රටේ විපක්ෂය ආරම්භ කලදා පටන් මට ග්‍රීන් කාර්ඩ් අතේ. මේකෙන් ඕස්ට්‍රෙලියාවේ ඡන්දය ඉල්ලන්න පුළුවන් වෙයි සමහර විට කතා කරලා බැලුවොත් විපක්ෂ නායක තුමා සමග.(නද)