(රොයිටර්/ඒ.එෆ්.පී-055)
ඕස්ට්‍රේලියාවේ සෙනට් සභික ලැරිසා වෝටර්ස් පාර්ලිමේන්තුවේදී මව්කිරි දුන් පළමුවැන්නා පත්වීමට සමත්වූවාය. ලැරිසා වෝටර්ස් අඟහරුවාදා (9) පාර්ලිමේන්තුවේදී තම දෙමස් වියැති ආලියා ජෝයි දියණියට මව්කිරි දුන්නාය.
ලැරි වෝටර්ස් ඕස්ට්‍රේලියාවේ වාමාංශික ‘ග්‍රීන්ස’ පක්ෂය නියෝජනය කරන අතර මීට පෙර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේදී එවැනි සිදුවීමක් වාර්තා වී නැත. ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පසුගිය වසරේදී සභාව තුළ මව්කිරි දීම අනුමත කළේය.
එම තත්ත්වය උද්ගත වූයේ 2015 වසරේ ඇතිවූ විවාදයක ප්‍රතිඵලයක් හේතුවෙනි. ඕස්ට්‍රේලියා ආණ්ඩුවේ අමාත්‍යවරියක වූ කෙලි ඕ ඞ්වයර් 2015 වසරේදී මවක් වූ අතර තම බිළිඳාට මවුකිරී දීමට සිදුවීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමට නොහැකි විය. ඒ අනුව ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සිටින මවුවරුන් වන මන්ත්‍රීවරියන්ට තම බිළිඳන්ට මව්කිරි හෝ ආහාර දීම අනුමත කරමින් ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව පසුගිය වසරේදී නව පනතක් සම්මත කරගත්තේය.
ඒ අනුව ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව තුළ දී තම දරුවාට මව්කිරි දුන් පළමු වැන්නා බවට පත්වීමට සෙනට් සභික ලැරිසා වෝටර්ස් සමත්වූවාය.“තව තවත් කාන්තාවන් සහ මාපියන් පාර්ලිමේන්තුවට පැමිණිය” යුතු යැයි තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලැරිසා වෝටර්ස් කීවාය.
“අපට පවුලේ සාමාජිකයන්ට හිතවත් පරිසරයක් තිබෙන සේවා ස්ථාන අවශ්‍යයි. නම්‍යශීලි සේවා ස්ථාන අවශ්‍යයි. තමන්ගේ දරුවන් රැගෙන හා හැකි සේවා ස්ථාන අවශ්‍යයි” ලැරිසා තවදුරටත් සඳහන් කර තිබිණි.
මෙම සිදුවීම අගය කළ යුතු බව කම්කරු පක්ෂය නියෝජනය කරන සෙනට් සභික කැති ගැලැගර් ප්‍රකාශ කළාය.
“ලෝකයා පුරා කාන්තාවන් පාර්ලිමේන්තුවේදී මව්කිරි දී තිබෙනවා. කාන්තාවන් වෘත්තිය ක්ෂේත්‍රයට පිවිසිය යුතුයි. ඔවුන් විවාහ වෙනවා. ඔවුන් මාතෘත්වයට පත්වෙනවා. ඒ නිසා ඔවුන්ගේ වෘත්තියේ නියැලීමටත් තමන්ගේ දරුවන් බලාගැනීමටත් අවස්ථාවක් හිමිවිය යුතුයි. ඒ සඳහා සුදුසු වෘත්තීය පරිසරයක් නිර්මාණය විය යුතුයි. ඒ සඳහා පහසුකම් සැලැසිය යුතු” යැයි ඕස්ට්‍රේලියාවේ ‘ස්කයි නිවුස්” පුවත් සේවය හා එක්වෙමින් කැති ගැලැගර් ප්‍රකාශ පැවැසුවාය.

COMMENTS
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මව්කිරි දුන් පළමුවැන්නා වීමට හිරුනිකා මැතිණියට හැකිවේවා! හැබැයි ලංකාවේ ඒක බ්‍රේකින් නිව්ස් එකක් වෙයිද දන්නේ නෑ.
එයාට මව් කිරි දෙන්න වෙන්නේ පාර්ලිමේන්තුවේදී නෙවෙය් . හිර ගෙදරදී. පුද්ගලයෙක් පැහැරගෙන යාම බරපතල වරදක්.
සමහරු ඔය පාර්ලිමේන්තුවේදී කොටින්ටත් කිරි පොවල තියෙනවා.
ලංකාවේ පාර්ලිමේන්තුවේ මේක සිදුවුණා නම්, මොකක් වෙයිද දන්නෑ...
කොච්චර ලස්සන දසුනක් ද, මවත් දරුවාත් නිරෝගී වේවා.....!!!
අපේ රටේ බොහොම ආයතනවල සේවය කරන්නේ කාන්තා පක්ෂයේ අයයි. ඔවුන් බොහෝවිට එක දරුවෙක් හදන්නේ සමහර සේවා ස්ථානවල සිදුවන හිරිහැර සහ මෙවැනි පහසුකම් නොමැති නිසාවෙනි. අපේ ජාතිය ගැනවත් හිතලා මෙවැනි පහසුකම් ලංකාවේ සියලු රාජ්‍ය හා අනුබද්ධ ආයතන වල මව්වරුන්ටත් දෙනවා නම් සුදුසුයි.
කොච්චර නම් හොඳ දෙයක්ද? අනේ වාසනාවන්..... !!!
ළමයින්ට කිරි පොවන්නද පාර්ලිමේන්තුව තියෙන්නේ? මෙයලා ගිහින් ඕකේ ළමයින්ට කිරි පොවන ගමන් වැරදි තීරන ගත්තම ඒක මුළු රටටම බලපානවා, අනික ලමයා අඩගන්න ගත්තම වැඩක් කරන්නවත් හම්බවෙන්නේ නෑ. බටහිර රටවල කාන්තා පාර්ශවයට ළමයි උස්සගෙන වැඩ කරන්න වෙලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ පවුල් අවුල් නිසයි, නමුත් ලංකාවේ ළමයි හම්බ උනාම, ප්‍රෙග්නට් වුනාම පිරිමියා කාන්තාවව හොදට බලාගන්නවා. අන්න ඒකයි අපේ රටේ පවුල් වල තියෙන හොද. හැමෝම සමවෙන්න යන්නේ නැතුව, තමන්ගේ නිසි තැන තියාගෙන වැඩ කරනවා නම් අපිටත් මේ ප්‍රශ්ණ එන එකක් නෑ.
මේ ළමයා අඬපු ඒවාත් හැන්සාඩ් එකේ රෙකෝඩ් කරලා....
අනුලා ගේ මුල්ලට වෙලා ළමයි බලාගෙන ඉන්න ලෝකේ ඉස්සරහට යයි....
අනුලා ගේ මුල්ලට වෙලා ළමයි බලන එක විතරක් කළාට අපි නම් ළමයි බලන එකයි, රස්සා කරන එකයි ඔක්කොම කරනවා. අනික ගමේ නෑදෑයො ගොඩක් හිටියට කොළඹ ඉන්න මිනිස්සුන්ට ඉන්නේ තමන්ගෙ පවුලේ සාමාජිකයන් ටික පමණයි. මේ ප්‍රවෘත්තියේ කියවෙන්නේ පාර්ලිමේන්තුවේ කිරි පොවන එක ගැන වුණාට ඒකෙන් ගම්‍ය වෙන අර්ථය කාන්තාවන්ට ශ්‍රම බලකායට එකතු වීම සඳහා පහසුකම් අපේ වගේ රටවල ඇති වීම සහ තවත් වැඩිදියුණු විය යුතුයි කියන එකයි. අනුලා ලිප් බොක්කෙ ඉඳන් ඔක්කොම තීරණ ගන්න එපා.
අනේ අනුල ඔයා දාපු ප්‍රතිචාරයෙන් ඔයාව රටට පෙණුනා.