IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඕස්ටේ‍්‍රලියා අගමැතිනියට එරෙහිව කුමන්ත‍්‍රණයක්?

ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාඞ්, කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත‍්‍රණයක් සිදුවන බවට රාවයක් පැතිර යයි. දැනට රටේ පාලනය පවත්වාගෙන යෑමට තමන් තරම් සුදුස්සකු නැතැයි, එම කටකතාවලට ප‍්‍රතිචාර දක්වමින් අගමැතිනී ගිලාඞ් ඊයේ (19) මාධ්‍ය හමුවේ අදහස් දැක්වමින් කියා සිටියාය. පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ගිලාඞ් ඉවත් කළහොත් ඇයට අගමැති ධුරය ද අහිමි වේ. එසේ වුවහොත්  ඕස්ටේ‍්‍රලියාවේ මීළඟ අගමැති වන්නේ කම්කරු පක්ෂයේ නව නායකයාය. අගමැතිනි ගිලාඞ්ට එරෙහි කුමන්ත‍්‍රණය පසුපස විදේශ ඇමැති කෙවින් රඞ් සිටින බවට ද ආරංචි පළ වී ඇත. කෙවිඞ් රඞ්  ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අගමැතිවරයාය. ඔහුට අගමැති ධුරයත් කම්කරු පක්ෂ නායකත්වයත් අහිමි වූයේ 2010 වසරේදී ඔහුට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත‍්‍රණයක් සහ කැරැල්ලක් හට ගැනීම නිසාය. එම කුමන්ත‍්‍රණය මෙහෙයවූයේ ජුලියා ගිලාඞ්ය. මෙතෙක් පැවැති ජනමත සමීක්ෂණ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ‘කොන්සවර්ටිව්’ පක්ෂයට වැඩි වාසි අත්වන බව පෙනී ගොස් ඇත. ‘කොන්සවර්ටිව්’ පක්ෂයට අභියෝග කිරීමට නම්, කම්කරු පක්ෂයට ජුලියා ගිලාඞ් හැර වෙනත් නායකයකු සිටිය යුතු බව රජයේ මන්තී‍්‍රවරයකු ද පවසා ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා අගමැතිනියට එරෙහිව කුමන්ත‍්‍රණයක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 183 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site