IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දකුණු කොරියාවට

ආසියාවට වැඩි ගෞරව අත්කර දෙමින්, ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් , 2020 ඔස්කාර් සම්මාන උළෙල ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකර ගත්තේය.

ඇකඩමි අවොර්ඩ්ස් හෙවත් ඇමෙරිකානු චලන චිත්‍ර සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදීය. මෙම සම්මාන උළෙලෙ සැලකෙන්නේ ලොව සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සම්මාන ප්‍රදානෝත්සවය ලෙසයි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දකුණු කොරියානු චිත්‍රපටයක් වන පැරසයිට් දිනාගත්තේ ඇකඩමි සම්මාන ඉතිහාසයේ වාර්තා අතරට එක් වෙමිනි.

විදේශීය භාෂා චිත්‍රපටයක් ඇකඩමි සම්මාන උළෙලේ විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

මීට අමතරව පැරසයිට් චිත්‍රපටය, හොඳම සිනමා අධ්‍යක්ෂණය, විශේෂාංග අංශයේ හොඳම ඡාත්‍යන්තර චිත්‍රපටය සහ හොඳම තිර රචනය ඇතුළු සම්මාන හතරක් දිනාගනිමින් උළෙලේ වැඩිම සම්මානලාභීයා බවට පත්විය.

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ජෝකර් චිත්‍රපටය වෙනුවෙන් ජෝකින් ෆීනික්ස් දිනාගත් අතර එහි හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ ජූඩි චිත්‍රපටයේ රඟපෑ රෙනී සෙල්වගර් ය.

පැරසයිට් චිත්‍රපටයේ අධ්‍යක්ෂ බොන් ජූන් හෝ වාර්තා අතරට එක්වූයේ හොඳම සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනූ දෙවැනි ආසියාතිකයා බවට පත් වෙමිනි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැඩිම සම්මාන ලැබූ සෙසු චිත්‍රපට අතර සම්මාන ත්‍රිත්වයක් ලබාගත් නයින්ටීන් සෙවන්ටීන් සහ සම්මාන දෙක බැගින් දිනාගත් ජෝකර්,ෆෝර්ඩ් වර්සස් ෆෙරාරි සහ වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ් යන චිත්‍රපට වේ.

මෙවර ඔස්කාර් සම්මාන උලෙලේ හොඳම සහය නළුවා සහ නිළියට හිමි සම්මාන බ්‍රැඩ් පිට් සහ ලෝරා ඩර්න් දිනාගත්හ.

මෙය සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට්ගේ ප්‍රථම ඔස්කාර් සම්මානය වන අතර ඔවුන්ට මෙම සම්මාන හිමිවුයේ වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ් සහ මැරේජ් ස්ටෝරි චිත්‍රපටවල ඉදිරිපත් කළ රඟපෑම වෙනුවෙනි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විශේෂාංග අංශයේ සජීවිකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්නේ ටෝයි ස්ටෝරි ෆෝ චිත්‍රපටයයි.එහි හොඳම ගීතයට හිමි සම්මානය දිනාගත්තේ රොකට්මෑන් චිත්‍රපටයේ ලව් මී අගේන් ෆෝ රොකට්මෑන් ගීතය වෙනුවෙන් ශ්‍රීමත් එල්ටන් ජෝන් සහ බර්නි ටෝපින් ය.

ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂාංග අංශයේ හොඳම වාර්තාමය චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ඇමෙරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිචෙල් ඔබාමා ගේ සමාගම නිෂ්පාදනය කළ අමෙරිකන් ෆැක්ටරි චිත්‍රපටයයි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙල රසවත් කිරීමට බිලී අයිලීෂ් , ඉඩිනා මෙන්සල් ඇතුළු සුපිරි තරු රැසක් ගීත ඉදිරිපත් කළහ.

බොහෝ දෙනා විස්මයට පත්කරමින් සුපිරි රැප් ගායක එමිනෙම් ඉදිරිපත් කළ ගායනයෙන් සම්මාන උළෙලේ නරඹන්නන් දැඩි ප්‍රීතියට පත්වූයේ ඔහුගේ ආගමනය පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදුකර නොතිබූ බැවිනි.එසේම පසුගියා ද හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය ඇමෙරිකා පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ටද ස්මරණය කිරීමට සංවිධායකයෝ අමතක නොකළහ.

(125)

බීබීසී ඇසුරෙනි...



අදහස් (0)

ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දකුණු කොරියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 324 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 421 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site