IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


එ.ජා. මානව හිමිකම් සමුළුවේ වැඩි අවධානය සිරියා අර්බුදයට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අද (27) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත අතර, එහිදී සිරියා අර්බුදයට විසඳුමක් සෙවීම ගැන වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය. සිරියාවට අමතරව ශ්‍රී ලංකාව, ඉරානය, ලිබියාව, මියන්මාරය, අයිවරි කෝස්ට් සහ උතුරු කොරියාව යන රටවල මානව හිමිකම් උල්ලංඝනයන් ගැන ද සමුළුවේ අවධානය යොමු වේ. වාර්ෂිකව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ කටයුතු ආරම්භ වනු ඇත්තේ, එහි මහ ලේකම් නාවි පිල්ලේගේ සහ සභාපති, කටාර් රාජ්‍ය නියෝජනය කරන නසීර් අබ්දුල්ලාසීස් අල් නසාර්ගේ ප‍්‍රධානත්වයෙනි. සමුළුවේ ආරම්භක දින තුනේදී සම්පූර්ණ අවධානය සිරියාව වෙත යොමු කර, එරට හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් සෙවීමට වෙහෙසන බව  මහ ලේකම් නාවි පිල්ලේ පවසයි. මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළැයි සිරියා ජනපති බෂීර් අල් අසාද්ට චෝදනා එල්ල වී ඇත. ඔහුට අමතරව මානව හිමිකම් උල්ලංඝනය කළේ යැයි සැක කෙරෙන සිරියා හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ද තමන්ට ලැබී ඇතැයි මහ ලේකම් නාවි පිල්ලේ වැඩි දුරටත් කියා සිටියි. මානව හිමිකම් සමුළු මහ ලේකම්වරයා අවධාරණය කරන්නේ සිරියාවට එරෙහි යෝජනාවලියක් ගෙන ඒමට ජාත්‍යන්තර රටවලට බලපෑමක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවය. රටවල් 90 ක ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීහු අද පැවැත්වෙන සමුළුවට සහභාගී වෙති. ඔවුන් අතර ප‍්‍රංශයේ, ජර්මනියේ, ස්පාඤ්ඤයේ සහ ඊජිප්තුවේ විදේශ කටයුතු ඇමැතිවරුන් ද ලිබියාවේ නව අගමැති අබ්දෙල් රහීම් අල් කිබ් ද සිටිති.



අදහස් (0)

එ.ජා. මානව හිමිකම් සමුළුවේ වැඩි අවධානය සිරියා අර්බුදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 77 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 173 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1029 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site