එල් සැල්වඩෝර් රාජ්‍යයේ ජනාධිපතිවරණය අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිව්දෙනෙක් තරග කරන අතර  පුරවැසියන්  මිලියන 5.2 ක් ඡන්දය සඳහා ලියාපදිංචි වී ඇත. 
 
ජනාධිපතිවරයා වසර පහක කාලයක් සඳහා තේරී පත්වේ. 
 
රටේ නීතියට අනුව වත්මන් ජනාධිපති  සැල්වදෝර් සැන්චෙස් මහතාට දෙවන වරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්විය නොහැක. 
 
පළමු වටයේ ජය ගැනීමට නම් අපේක්ෂකයා සමස්ථ ඡන්දවලින්  50%  කට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.
 
 එසේ නැත්නම්,  ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තරගයක් මාර්තු මස 10 වන දින පැවැත්වේ. 
 

 
(63226)