ෂංහයිහිදීය (රොයිටර්)
එන්නත් වංචාවක් සම්බන්ධයෙන් චීන පොලිසිය එරට ‘චැන්ග්ෂෙන් බයෝටෙක්නොලොජි’ නම් සමාගමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එමෙන්ම එම සමාගමේ සභාපතිනය සහ තවත් ප්‍රධාන විධායක නිලධාරීන් සිව්දෙනකුට අපරාධ චෝදනා එල්ල වී ඇතැයි ද චීනයේ නිල පුවත් සේවය ෂිංහුවා පුවත් සේවය අද (23) වාර්තා කළේය.
මෙම සිදුවීමත් සමඟ චීන ඖෂධ වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද වාර්තා වේ. චීනය ගෝලීය ඖෂධ වෙළෙඳපොළ තුළ විශාල භූමිකාවක් රඟ දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. මේ අනුව ඊට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
ජලභීතිකා එන්නත සම්බන්ධයෙන් අදාළ සමාගම නිෂ්පාදන ලියකියවිලි වැරැදි ලෙස සකසා ඇති බව අනාවරණය වී තිබේ. අදාළ එන්නත චීනයේ තුන් මස් වියැති දරුවන්ටද ලබාදෙන බව පැවසේ. චීනය තම එන්නත් ලොව පුරා ප්‍රවර්ධනය කිරීමට සූදානමින් සිටින අවස්ථාවක මෙය සිදුව තිබේ. චීනය යනු ලොව දෙවැනි විශාලතම ඖෂධ වෙළෙඳපොළයි.
චීනයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියට අනුව අදාළ සමාගම නිෂ්පාදන වාර්තා මෙන්ම පරීක්ෂණ දත්ත වාර්තා කර ඇති අතර මිණුම් ක්‍රියාවලි සහ උපකරණ ද වුවමනාවෙන්ම වෙනස් කර ඇත. එය එරට නීතිය දරුණු ලෙස උල්ලංඝනය කිරීමකි.
මෙම සිදුවීම අනාවරණය වීමත් සමඟ චීන කොටස් වෙළෙඳපොළේ එන්නත් නිෂ්පාදනය කරන සහ ජෛව තාක්ෂණ සමාගම්වල කොටස් ඉතා වේගයෙන් පහළ වැටුණි.
මේ අතර නීති කඩකරමින් කටයුතු කළ මෙම සමාගමට එරෙහිව දැඩි නීති ගන්නා බව මෙම අනාවරණයෙන් පසු අදහස් දක්වමින් චීන අගමැති ලී කෙකියෑන්ග් අවධාරණය කළේය.
055
2025 ඔක්තෝබර් මස 08
1403
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1291
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එන්නත් වංචාවක් නිසා චීන ඖෂධ වෙළෙඳපොළට දැඩි බලපෑමක්