කුඩා සාප්පු හිමියන්ට සහ ක්ෂණික ආහාර වෙළෙන්දන්ට ඔවුන් බෙදා දෙන සෑම ප්ලාස්ටික් බෑගයකටම දමා පැන්ස 5 බැගින් දඩ පැනවීමට එංගලන්තය සැරසේ.
වසරකට එංගන්තයේ ඉවත දමන ප්ලාස්ටික් බෑග් ප‍්‍රමාණය පසුගිය වසර දෙක තුළ ශිඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව කෝටී 700ක් පමණ මෙම වසර තුළ ඉවත දමා ඇත. ප්ලාස්ටික් දිරාපත් වීමට අවුරුදු 1000 ක් පමණ ගත වේ.
මෙයින් භූමිය විනාශ වීම පමණක් නොව ඒවා ආහාරයට ගැනීමෙන් සිව්පා සතුන් කුරුල්ලන් දහස් ගණනක් පීඩා විදින අතර, දහස් ගණනක් මිහිකත හැර ගොස් ඇති බව ඔවුන් කළ පරීක්‍ෂණ වලින් හෙළි විය.
දඩය පැනවීමේ අරමුණ වී ඇත්තේ ඉවත දමන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමයි. මෙයින් ලැබෙන මුදල් ඉවත දමන අපදව්‍ය බැහැර කිරීම හා ඒවාට විරුද්ධව සටන් කරන පරිසරය සුරැකීමේ පරිසරික හා වනසත්ව සංවිධානවල ප‍්‍රයෝජනය සඳහා ලබා දීමට කටයුතු කරන බව බලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලිතින් බැග් හා වෙනත් ප්ලාස්ටික් නිසා තවත් ගොඩක් දේවල් සිදුවනවා. ප්ලාස්ටික් පුච්චනවානම් ඉතා ඉහල උෂ්ණත්වයකදී (800 සෙන්ටිග්රඩ් ) කරන්න ඕන. නැතිනම් සමාන්නයෙන් ගෙවල් වල පුච්චන විදිහට dioxin නමැති පිලිකකාරක විස වායුව පිටවෙනවා. පොලිතින් කොලවල උණු අහාර දැමිමේදීත් මේ වායුව පිටවන්න පුළුවන්. හැකිතරම් මෙය ඔබේ අවට අය දැනුවත් කරන්න
ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය වැඩි වෙලා තියෙන්නේ එහි මිල අඩු නිසා. නමුත් ඒවායින් වෙන හානිය ගැන වගකීමක් ගන්න කිසි කෙනෙක් නැහැ. ප්ලාස්ටික් හා පොලිතින් මිල කඩදාසි හා එවැනි වෙනත් ඇසුරුම් වල මිලට වඩා වැඩි කලානම් ඉබේම බාවිතය අඩු වෙනවා. (නදී)
වැදගත් ක්‍රියාවලියක්. උසස් අයුරින් ප්ලාස්ටික් ප්‍රත්ජිවිකරන එංගලන්තය වගේ රටක් මෙවැනි දෙයක් ක්‍රියාකිරීමට සැලසුම් කලානම්. අපේ ලංකාව වගේ රටවල් නියත වශයෙන් ආදර්ශයට අරගෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විනාස කිරීමට සැලසුම් කිරීම හොද වටිනා දෙයක් ශ්‍රී ලංකාවේ අනගතයට.(නදී)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ(දිල්)