එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ මහකොමසාරිස් ලෙස සේවය කළ පළමු සහ එකම කාන්තාව වූ  සදාකෝ ඔගාටා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

ජපන් ජාතික සදාකෝ මියයන විට ඇය 92 හැවිරිදි වියේ පසුවූවාය.

රුවන්ඩාවේ ජන සංහාරය හා යුගොස්ලෝවියාවේ වාර්ගික අර්බුද සම්බන්ධව ඇගේ පාලන කාලය තුල ලබාදෙන ලද දායකත්වය කැපී පෙනින.

මානුෂීය ගැටලු වන දරිද්‍රතාවය, සරණාගතයන් සහ ගැටුම් සම්බන්ධව ඇය විශිෂ්ට නායකත්වයක් ගෙන කටයුතු කළ බව සඳහන් වේ. 

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යංශයේ වර්තමාන මහකොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩි ද ඔගාටා මහත්මියගේ සේවය අගය කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)