එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් ඉදිරිපත් කළ සාම සැලැස්මට අනුව කටයුතු කිරීමට අද (1) මධ්‍යාහ්නය තෙක් කල් ලබා දෙන බවත් එසේ නොකර දිගින් දිගටම සිවිල් වැසියන් ඝාතනය කරන්නේ නම් ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම තමන් බාර ගන්නා බවත් සිරියා කැරැලිකරුවෝ ඊයේ (31) ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට අනතුරු ඇඟවීය. කැරැුලිකරුවන් මේ බව කියා සිටියේ ඉකුත් 26 වැනිදා හූලා නගරයේ සිදුවූ සමූල ඝාතනයේ වගකීම ජනපති අසාද්ගේ රජය පිට පටවමින්ය. හූලා නගරයේ ඉකුත් 25 වැනිදා සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් කුඩා දරුවන්ද ඇතුළු 108 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ඝාතනවල වගකීම සිරියා රජය හෝ ආයුධ සන්නද්ධ කැරැුලිකාර පාර්ශ්වය හෝ බාර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත. ඝාතන සිදුවූ අවස්ථාවේදී ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය සහ ජර්මනිය එහි වගකීම පැටවූයේ සිරියා රජයේ හමුදාවලටය. එහෙත් රජය පවසන්නේ එය කැරැලිකරුවන් විසින් සිදු කරනු ලැබූ ම්ලේච්ඡු කි‍්‍රයාවක් බවය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද හදිසි හමුවක් පවත්වමින් කියා සිටියේ සිරියාවට එරෙහි හමුදාමය මැදිහත්වීමක් සිදු කළ යුතු බවය. හූලා නගරයේ සිදුවූ සමූල ඝාතනය සම්බන්ධයෙන්, සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පෙර, රජයේ හමුදා ඊට සම්බන්ධදැයි සැකහැර දැනගත යුතු යැයි රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ. හූලා නගරයේ සිදුවූයේ කුමක්දැයි සෙවීමේ පරීක්ෂණ බාර වී ඇත්තේ සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානී මේජර් ජනරාල් රොබට් මූඞ්ටය. ජනරාල් මූඞ් ප‍්‍රමුඛ සාම නිරීක්ෂකයන් සිරියාවට පැමිණියේ ඉකුත් අපේ‍්‍රල් මාසයේය. ඒ, හිටපු මහ ලේකම් අනන් සිරියා රජයට හඳුන්වා දුන් සාම සැලැස්ම නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේ දැයි සොයා බැලීමේ අරමුණින්ය. හූලා නගරයේ සමූල ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට මේජර් ජනරාල් රොබට් මූඞ්ට පැවැරුවේ පසුගිය 29 වැනිදාය.
2025 නොවැම්බර් මස 21
11
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
එක්සත් ජාතීන්ගේ සාම සැලැස්ම පිළිගන්න