ඩර්ක් ෂ්රෝඩර් (74) ජර්මනියේ රෝහලකට ඇතුළත් කෙරුණෙ ඔහුගේ ජනනේන්ද්‍රිය ආශ්‍රිත පිළිකාවකට ප‍්‍රතිකාර ලබා ගැනීම සදහාය.වෛද්‍යවරුන් නිගමනය කළේ සැත්කම් මාලාවක්
අධාරයෙන් පිළිකාව ඉවත් කිරීමටය.
සැත්කම් මාලාව සාර්ථක වී ඩර්ක්ට නැවත සිය නිවහන වෙත යාමට හැකියාවද ලැබිණි.ඔහුට තවත් දිගු කාලයක් සුවසේ ජීවත් විය හැකි බවටද වෛද්‍යවරුන් සහතිකයක්ද දුනි.
නව පණක් ලබා නිවෙස වෙත ගිය ඩර්ක්ට ආපසු රෝහල් ගත වීමට සිදුවන්නේ උදරයේ වරින් වර ඇතිවන වේදනා නිසාය.උදරය කපා විවෘත කර බැලීමට වෛද්‍යවරුන් පෙළැඹෙන්නේ උදර වේදනාවට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට බැරි තැනය.
ඔවුන්ගේ පුදුමයට හේතු වෙමින් උදරයේ රැදී තිබුණේ සැත්කම් කටයුතු වලදී භාවිතා වන මෙවලම් හා ආම්පන්න කිහිපයකි.ඒවා අතර ඉදිකටුවක් හා වෙලූම් පටි රෝලක්ද විය.
මේ සියල්ල උදරයෙන් පිටතට ගැනීමට සැත්කම් දෙකක් මුහුණ දීමටද ඩර්ක්ට සිදුවිය .සිදුවීම යට ගැසීමට තැත් කරන රෝහල් බලධරයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඩර්ක්ගේ පවුලේ උදවිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙනම් ජනේන්ද්‍රිය කපලා දැම්මත් "දොස්තර හරි" කියයි . ලෙඩාට තමා නඩු. (ස)
ලංකාවේ දොස්තරවරු මීට වඩා හොඳයි (ස)
මෙහෙත් එහෙම සිද්ධියක් වුණා නේද මෑත කාලයේදී (ස)