උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඒකමතිකව තීරණය කැර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

පසුගියදා උතුරු කොරියාව ලෝකයේ අනෙක් රටවල කීම නොඅසා න්‍යෂ්ඨික අත්හදා බැලීම් සිදුකිරීම ඊට හේතුවයි. දකුණු කොරියාව මේ සම්බන්ධයෙන් සිය විරෝධය දැඩිව ප්‍රකාශ කැර තිබිණි.

නව සම්බාධක යෙදීම මගින් උතුරු කොරියාවේ සංවිධාන 12 ක් හා පුද්ගලයන් 16ක් අසාදු ලේඛනයට ඇතුළත් කෙරේ. එමෙන්ම උතුරු කොරියාවෙන් පිටවන හා එරටට ඇතුළුවන නැව් පිළිබඳ දැඩි සෝදිසියක් සිදුකිරීමටද මෙමගින් පියවර ගනු ඇත.

මෙතෙක් උතුරු කොරියාවට එරෙහිව පැනවූ දරුණුම සම්බාධක මෙය බව ද විදෙස් පුවත් සේවා කියයි.