IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


‘උතුරු කොරියාව ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වනවා‘

ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වන රටවල් ගොන්නට උතුරු කොරියාව ද ඇතුළත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා කටයුතු කර තිබේ.

මේ අනුව උතුරු කොරියාවට තවදුරටත් සම්බාධක පැනවීමට ඇමෙරිකාවට අවස්ථාව හිමි වනු ඇත.  

ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියානු ජනාධිපතිවරයා අතර පසුගිය කාලයේදී පෞද්ගලිකව ද එකිනෙකාට අපහාස හා උපහාස හුවමාරු වූ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාවත් සමඟ ඔහු කිසිවිටෙකත් උතුරු කොරියාව අත් නොහරින බව පෙනී යයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම තීරණයත් සමඟ උතුරු කොරියාවට එරෙහිව අළුතෙන් පනවන සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිතය.

ත්‍රස්තවාදයට රාජ්‍ය සහාය දක්වන රටක් ලෙස උතුරු කොරියාව නම් කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගත්තේ ආසියානු සංචාරය නිම කර නැවත ඇමෙරිකාවට පැමිණ සතියක් ගතවෙද්දීය.

ආසියානු සංචාරයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා චීනය, ජපානය හා දකුණු කොරියාව ද ඇතුළුව රටවල් පහක සංචාරය කළ අතර ඒ සෑම අවස්ථාවකදීම උතුරු කොරියානු අර්බුදය ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.

“න්‍යෂ්ටික අත්හදා බැලීම් කරමින් උතුරු කොරියාව ලෝකය බිය වද්දනවා. ඊට අමතරව උතුරු කොරියාව අඛණ්ඩව ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සහාය දක්වා තිබෙනවා. ඒ වගේම විදේශවලදී ඝාතන ද සිදු කර තිබෙනවා” යැයි ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා කීවේය.

(රොයිටර් 055)



අදහස් (2)

‘උතුරු කොරියාව ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වනවා‘

සෙනෙවි Tuesday, 21 November 2017 05:05 PM

ඉතිං ඔයාලත් එහෙම නේ

:       2       129

ධනුෂ්ක Wednesday, 22 November 2017 02:31 AM

එතකොට අැමරිකාව සුදනා. අැෆ්ගනිස්ථානයෙ සෝවියට් හමුදාවට එරෙහිව ඔසාමා බින්ලිදීන් නිර්මාණය, සිරියාවේ ත්‍රස්තයින්ට අවි ලබා දීම. බොරු චෝදනා කර ඉරාකය කිරීම. සී.අයි.එ් හරහා කරන්න පුළුවන් හැම වැරදි වැඩක්ම කිරීම. ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය ජනතාව ඝාතනය. තමන්ට අවනත නොවන අාණ්ඩු පෙරලීම හොඳ වැඩ. මේවට දඩුවම් දෙන්න බලවතෙක් ඉන්නවනම් අැමරිකාවට සම්බාධක නොවේ න්‍යෂ්ඨික බෝම්බයි අතාරින්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 176 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site