ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වන රටවල් ගොන්නට උතුරු කොරියාව ද ඇතුළත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා කටයුතු කර තිබේ.
මේ අනුව උතුරු කොරියාවට තවදුරටත් සම්බාධක පැනවීමට ඇමෙරිකාවට අවස්ථාව හිමි වනු ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියානු ජනාධිපතිවරයා අතර පසුගිය කාලයේදී පෞද්ගලිකව ද එකිනෙකාට අපහාස හා උපහාස හුවමාරු වූ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාවත් සමඟ ඔහු කිසිවිටෙකත් උතුරු කොරියාව අත් නොහරින බව පෙනී යයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම තීරණයත් සමඟ උතුරු කොරියාවට එරෙහිව අළුතෙන් පනවන සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිතය.
ත්‍රස්තවාදයට රාජ්‍ය සහාය දක්වන රටක් ලෙස උතුරු කොරියාව නම් කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගත්තේ ආසියානු සංචාරය නිම කර නැවත ඇමෙරිකාවට පැමිණ සතියක් ගතවෙද්දීය.
ආසියානු සංචාරයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා චීනය, ජපානය හා දකුණු කොරියාව ද ඇතුළුව රටවල් පහක සංචාරය කළ අතර ඒ සෑම අවස්ථාවකදීම උතුරු කොරියානු අර්බුදය ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.
“න්‍යෂ්ටික අත්හදා බැලීම් කරමින් උතුරු කොරියාව ලෝකය බිය වද්දනවා. ඊට අමතරව උතුරු කොරියාව අඛණ්ඩව ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සහාය දක්වා තිබෙනවා. ඒ වගේම විදේශවලදී ඝාතන ද සිදු කර තිබෙනවා” යැයි ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා කීවේය.
(රොයිටර් 055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං ඔයාලත් එහෙම නේ
එතකොට අැමරිකාව සුදනා. අැෆ්ගනිස්ථානයෙ සෝවියට් හමුදාවට එරෙහිව ඔසාමා බින්ලිදීන් නිර්මාණය, සිරියාවේ ත්‍රස්තයින්ට අවි ලබා දීම. බොරු චෝදනා කර ඉරාකය කිරීම. සී.අයි.එ් හරහා කරන්න පුළුවන් හැම වැරදි වැඩක්ම කිරීම. ගුවන් ප්‍රහාර වලින් සාමාන්‍ය ජනතාව ඝාතනය. තමන්ට අවනත නොවන අාණ්ඩු පෙරලීම හොඳ වැඩ. මේවට දඩුවම් දෙන්න බලවතෙක් ඉන්නවනම් අැමරිකාවට සම්බාධක නොවේ න්‍යෂ්ඨික බෝම්බයි අතාරින්නේ.