උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක අයුරින් අර්බුඳ විසඳීමට ගත් සෑම උත්සහායක්ම අසාර්ථක වූ බවත් ඒ නිසා දැන් දැන් ඉතිරිව ඇත්තේ එක් කි‍්‍රයාමාර්ගයක් පමණක් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ප‍්‍රකාශ කරයි.
පසුගිය දින කිහිපයේදීම ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියා නායකයා අතර උණුසුම් වචන හුවමාරු දක්නට ලැබුණු අතර ඔවුන් දෙදෙනා එකිනෙකාට අපහාස හා උපහාස කරන අයුරු ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇමෙරිකාව සහ උතුරු කොරියාව යන රටවල් දෙකම න්‍යෂ්ටික අවි ආයුධවලින් සන්නද්ධය.
‘‘ජනාධිපතිවරු සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති සෑම පරිපාලනයක්ම වසර 25ක් තිස්සේ උතුරු කොරියාව සමඟ සාකච්ඡා කළා. ගිවිසුම් අත්සන් කළා. විශාල වශයෙන් මුදල් ගෙව්වා. අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් නිසි අයුරින් කි‍්‍රයාත්මක වූයේ නැහැ. අත්සන් තබන ලද ගිවිසුම්වල තීන්ත වියළි යන්නටත් පෙර ඒවා උල්ලංඝණය වුණා. ඇමෙරිකා නියෝජිතයන් මෝඩයන් බවට පත් කරලා. කනගාටුයි කියන්නේ. මේ අර්බුදය නවතා දමන්නයි එක් දෙයයි වැඩ කරන්නේ’’ යැයි ’’ යැයි ජනාධිපති ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩ දෙකක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
සෙනසුරාදා දිනයේදී රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා පසුගිය ඇමෙරිකානු පරිපාලන විවේචනයට ලක් කළේය. උතුරු කොරියා අර්බුදය සම්බන්ධයෙන් පැවැති පරිපාලන ප‍්‍රමාණවත් පරිදි අවධානය යොමු නොකළ බව ද ඒ මහතා එහිදි කීය.
‘‘මේ ප‍්‍රශ්නය මීට වසර 25කට ප‍්‍රථම විසඳන්න තිබුණා. එය මීට වසර 10කට පෙර විසඳන්න තිබුණා. මෙය ඔබාමා පරිපාලනය සමයේදී විසඳන්න තිබුණා’’ යැයි රූපවාහිනි වැඩසටහනේදී අදහස් දක්වමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කීය.
මේ අතර පසුගිය දිනකදී ඉහළ පෙළේ හමුදා නිලධාරීන් හමු වී ඉරානය, උතුරු කොරියාව සහ අයි.එස් සංවිධානය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවෙමින් වත්මන් කාලපරිච්ඡේදය ‘‘කුණාටුවකට පෙර තිබෙන සන්සුන් සමය’’ යනුවෙන් පවසා තිබේ.
(ඒ.එෆ්.පී -055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම විකාර කියන්නේ. ඒක නිසා කොතනින් කෙලවර වෙයිද දන්නේ නෑ. ඒකයි බය.
අපි දන්නා හැටියට නම් දෙන්නම මෝඩයෝ, කුහකයෝ,දුෂ්ටයෝ, කොටින්ම කියතොත් මානසික රෝගීන් දෙන්නෙක් .
ජනාධිපතිවරු සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති සෑම පරිපාලනයක්ම වසර 25ක් තිස්සේ උතුරු කොරියාව සමඟ සාකච්ඡා කළා. ගිවිසුම් අත්සන් කළා. විශාල වශයෙන් මුදල් ගෙව්වා. අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් නිසි අයුරින් කි‍්‍රයාත්මක වූයේ නැහැ. අත්සන් තබන ලද ගිවිසුම්වල තීන්ත වියළී යන්නටත් පෙර ඒවා උල්ලංඝණය වුණා. ඇමෙරිකා නියෝජිතයන් මෝඩයන් බවට පත් කරලා. කනගාටුයි කියන්න. මේ අර්බුදය නවතා දමන්නයි... එක් දෙයයි වැඩ කරන්නේ’’ ලංකාවෙත් තිබ්බේ ඕක තමයි .....මහින්දට විතරයි තේරුනේ...
අපේ ජනාධිපතිතුමාගෙන් ඇහුවානම් ටක් ගාලා විසඳුමක් දෙයි..