සෝල්හිදීය (රොයිටර්)
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන සොන් තාඕ මුණ ගැසී ඇතැයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍යය ඉරිදා (15) වාර්තා කළේය.
ලෝකය පුදුමයට පත් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය මාසයේදී චීනයේ සංචාරය කිරීමත් සමඟ දෙරට අතර සමීප සබඳතා වර්ධනය වෙමින් තිබෙන බව වාර්තා වේ.
උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරයෙන් පසු සොන්ග් තාඕ ඇතුළු දූත පිරිසක් උතුරු කොරියාවේ සංචාරය කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ සුබපැතුම් උතුරු කොරියා නායකයා වෙත පිළිගන්වා තිබේ.
ගීතයක් මගින් එම සුබ පැතුම් පිළිගැන්වූ බව ද වාර්තා විය. උතුරු කොරියානු නායකයා චීන දූත පිරිස උණුසුම් අයුරින් පිළිගත්තේ යැයි උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd