උගන්ඩා ජනපතිවරණයෙන් පසු එරට ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
උගන්ඩා විපක්ෂ නායක කිසා බෙසිග්යේ රාජ්‍ය ද්‍රෝහිත්වය යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
පසුගියදා පැවැති උගන්ඩා ජනපතිවරණයෙන් ජයගත් ජනපති යුවේරි මුසවේනි දිවුරුම් දීමේ උත්සවයට සමගාමීව විපක්ෂ නායකවරයාද දිවුරුම් දුන් අතර ඔහු කියා සිටියේ ජනපතිවරණයේ ජය තමාට හිමිවිය යුතු බවයි. එරට මාධ්‍ය රැසක්ද සිය අණසක යටතට ගත් විපක්ෂ නායක බෙසිග්යේ උද්ඝෝෂණ ව්‍යාපාරද මෙහෙයවීය.
ජාත්‍යන්තර නිරීක්ෂණයන්ද මැතිවරණ වංචා හා දූෂණ වලින් යුත් එකක් බවට චෝදනා එල්ල කරයි. නමුත් ජනපති මුසවේනි එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එරට ඉහළ අධිකරණයක් මගින් ජනපතිවරණයේ ජයග්‍රහණය පිළිගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නව රජයට එරෙහිව එරට අගනුවර වන කම්පාලිහි පැවති උද්ඝෝෂණ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කර ඇත.
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් ජනපති පදවි ප්‍රාප්තිය සඳහා සහභාගී වී සිටි අතර ශ්‍රී ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එහි ගොස් සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවුරුම් දීමේ උත්සවයට ආ අයගෙන්ම එ්ක තේරෙනවනේ. (නි)
මහින්ද ගිහින් තියෙන්නේ තමන්ගේම වර්ගයේ පාලකයෙක් දිවුරුම් දීමේ උත්සවයකටනේ බලනකොට (නි)
මෙයා ඒකාධිපති කෙනෙක් .ලංකාවේ හිටපු එක්කෙනත් මෙයා වගේ වෙන්න තමයි දැගලුවේ , ලංකාවේ එහෙම වුනේ නැතත් උගන්ඩාවේ එහෙම වුනා . අහිංසක මිනිස්සු කරන්න දෙයක් නැහැ ,මෝඩ මිනිස්සු වැඩි නිසා මෙහෙම වෙනවා. (බ)
උගන්ඩාවේ ලොක්කා උපදෙස් ගත්තේ අපේ අයගෙන්ද දන්නෙ නැහැ. බලනකොට නිවුන් සහෝදරයෝ වගේනේ. (නි)
විලි ලැජ්ජාවේ පණයනවා අපිට නම්. මේවටත් යනවනේ! (නි)
ඒකෙ උත්සවයට සහභාගී වෙන්න කියල අපේ රටෙන් ගිය කට්ටිය දිහා බලල විතරක් වුනත් අපට කියන්න පුළුවන් කම තියෙනවා ඒක කොහොමද කියල. (බ)
කව්ද අනේ සහබාගි වුණු විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් . එ්කාධිපතියෙක්ගේ නැවත පත්වීමට අපේ රටෙත් ඒකාධිපති වෙන්න උත්සහ කරපු කෙනත් ගියා (බ)
ලෝකයෙන හොරකම දුෂණය තුරන් කල යුතුය. (ර)
ඒ රට කාගෙන්ද දන්නෙ නැහැ උපදෙස් ගත්තේ? (නි)
අපේ කෙනෙක්ගේ වාගේම තේජස් ගතියක් මොහුගේත් තිබෙනවා. ඒ දෙදෙනාම එක සමානය කියායි මාගේ අදහස (නි)
වෙලා තියෙන දේ හිතාගන්න පුළුවන් (නි)
පරාජය වෙලත් මහින්ද ගියා කියන්නේ උගන්ඩාවට දෙවියන්ගේම පිහිටයි. විරුද්ධ පාක්ෂිකයා දිනුවා නම් ඉතින් අහන්න දෙයක් නැහැ. හමුදා කුමන්ත්‍රණයක් කරලා හරි රටේ බලය නැවත ගන්න බලන්න බලාවි (නි)
මේ මිනිස්සු පස්සේ ගිහින් වැටෙන්නේ වළකටනේ. මතකද ගඩාෆි? මහින්ද මන්ත්‍රීතුමා ඇයි මේ දඟලන්නේ? (නි)
එකම ජාතියේ කුරුල්ලෝ එකට එක්වෙනවලු. (ර)
පැරදුන අය මෙහෙම කියන්නේ ලංකාවේ විතරයි කියලා මම හිතාගෙන හිටියේ. (නි)
උගන්ඩා ජනපතිතුමනි, ඔබට සදා ජය! (නි)
කවුද මේ ජාත්‍යන්තරය? පොඩ්ඩක් හිතලා බලන්න. එයාලට ඕනෑ මොනවාද? ප්‍රජාතන්ත්‍රවාදය? යහපාලනය? මේ දෙපැත්තෙන් එක පැත්තකටවත් නොවැටී සිටීම අමාරු තමයි. නමුත් වියයුත්තේ එයයි. (නි)
දැන් තේරෙනවා නේද උගන්ඩා රටේ එ්කාධිපති පාලකයාගේ තරම! අපේ රටේ ජනයාගේ වාසනාවට මෙහෙම දෙයක් ඇතිවුණේ නැහැ (නි)
තරමක හොරකම් තිබුණ පළියට ජාත්‍යන්තර නිරීක්ෂකයෝ ලේසියෙන් කියන්නේ නැහැ මැතිවරණයක් දූෂිතයි කියලා. ලංකාවෙත් තරමක් හොර කරපු මැතිවරණවලට කිව්වේ සාධාරණයි කියලනේ. අපේ කෙනාගේ හිතවුණු වුණේ ඇයි කියලා හිතාගන්න පුළුවන්. (නි)
උගන්ඩා ජනපතිවරණය දූෂිතයි කියා ජාත්‍යන්තරය සහ බටහිර රටවල් කියන්නේ ඇයි කියා සක්සුදක් සේ පැහැදිලියි. එහෙත් අපේ හිටපු ජනාධිපති වාගේ ජනපති මුසවේනිත් මේ ප්‍රශ්න වලට නොබියව මුහුණදෙයි (නි)
කොහෙන්ද දන්නෙ නැහැ ආදර්ශය ගත්තේ? (නි)
30 අවුරුදු යුද්ධයේදී බහුතර සුපිරි බටහිර රටවල් සිටියේ කොහේද? (නි)
ඒකාධිපතියෙකුට සිතීමේ, තීරණ ගැනීමේ, ක‍්‍රියාත්මක වීමේ හැකියාවක් නැත. ලංකාවේ අපිට මේ ගැන ඕනෑවටත් වැඩි අත්දැකීම් ඇත. ඒ අපගේ සමහර පාලකයින් උගන්ඩාවේ ඉඩීඅමින්ගෙන් ඉගෙනගෙන රට පාලනය කළ නිසාය. දැන් ඔවුන් අපෙන් ඉගෙනගැනීමට ඉඩීඅමින් මොඩල් අපෙන් ආනයනය කරමින් සිටි. (නි)
අපේ රටේ තිබුණ ජනාධිපති ඡන්දෙ කොහොමද දන්නෙ නැහැ මේ අයට? (නි)
මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ පදවි ප්‍රාප්තිය සඳහා ආරාධනා ලැබීම සහ ඔහු එහි යෑම සම්පූර්ණයෙන්ම ඔහුගේ පුද්ගලික ක්‍රියාවක් ලෙස මම දකිමි (නි)
උගන්ඩා ජනපතිවරණයෙන් ජයගත් ජනපති යුවේරි මුසවේනි දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා වෙනත් රටවලිනුත් රාජ්‍ය නායකයන් පැමිණ සිටියාද? අපේ රටේ පරාජිත මහින්ද හැරෙන්න එසේ ගියේ කවුද දන්නෙ නැහැ (නි)
අපේ රට ආරක්ෂා කරන දෙවියන්ගේ පිහිට නොලැබුනා නම්, පසුගිය ජනාධිපති මැතිවරණයෙන් පසුව මගේ රටෙත් උගන්ඩාවේ වගේම ජනපති කෙනෙක් බිහිවෙන්නත් තිබුණා. (නි)
පටන් ගත්ත ගමන් ඔහොමනම් පස්සේ කොහොම වෙයිද?(හේ)
පුදුමය කියන්නේ අපේ රටේ අයටත් ආරාධනා ආ එකනේ! (නි)