ඊශ්‍රාලය ගාසා තීරයේ හමාස් සංවිධානය ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර බව වාර්තා වේ.
 
පසුගිය සඳුදා හමාස් සංවිධානය ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට උතුරින් පිහිටි නිවසකට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර ඇත. 
 
හමාස්ගේ දේශපාලන නායකයන් ඉලක්ක කරගනිමින් සිදුකළ මෙම ප්‍රතිප්‍රහාරයට ප්‍රහාරක රොකට් යානා 10ක් යොදාගත් බව ඊශ්‍රාලය ආරක්ෂක අංශ පැවසුවේය.
 
බෝම්බ ප්‍රහාරයෙන් ගාසා තීරයේ පිහිටා තිබූ හමාස් නායක  කාර්යාලයක් සහ හිස් ගොඩනැගිලි කිහිපයක් විනාශ වී ඇත.
 
ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙක් තුවාල ලබා ඇති බව ඊශ්‍රාලය සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
 
මෙම ප්‍රදේශය කෘෂිකාර්මික ප්‍රදේශයක් වන අතර, ප්‍රහාරයෙන් ගාසාතීරයේ උතුරු පෙදෙසේ පදිංචිකරුවන්ටද බලපෑම් එල්ල වී ඇත. 
 
 
(බීබීසී ඇසුරෙනි)
 
 63226