ඇමෙරිකාවේ සංචාරයකට පැමිණි, ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්හායු ඊයේ (29) ධවල මන්දිරයේදී, ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා හමුවී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්වීය.
ඊශ‍්‍රායල අගමැතිවරයා එම අවස්ථාවේදී ජනපති ඔබාමාගෙන් ඉල්ලීමක් කළේ, ඉරානයට කිසිම ආකාරයක බුරුළක් ලබා දීමට කටයුතු නොකරන ලෙසය.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බවත්, ඉරානය ඊට මුවා වී පරමාණු බෝම්බ තනන බවත් ඊශ‍්‍රායල අගමැතිවරයා යළිත් වරක් පෙන්වා දුන්නේය.
ඉරානය ලෝක බලවතුන්ගේ අණට අකීකරු නොවී දිගටම කටයුතු කරන්නේ නම්, ඔවුන් සමඟ න්‍යෂ්ටික සාකච්ඡුා පැවැත්වීමෙන් පලක් නොවන බව ද ඊශ‍්‍රායල අගමැති නෙදන්යාහු ඇමෙරිකා ජනපතිවරයාට පෙන්වා දුන්නේය.
ඇමෙරිකාවේ මැදපෙරදිග මිතුරා වන ඊශ‍්‍රායලය තරයේ කියා සිටින්නේ, ඉරානයේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන ලෝක සාමයට බාධාවක් කියාය. ඊශ‍්‍රායලය අවස්ථා කිහිපයකදී ඉරානයට පහර දීමට ද උත්සාහ කළේය. එහෙත් ඇමෙරිකාව ඊට හරස් විය. ඇමෙරිකාව ඉරානයට වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පැනැවූයේ එම අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුතුකුඩ, ඔයා ඉතිහාසේ කියවල නැද්ද? ඊශ්‍රායලය අවුරුදු 4000 දාහක් තිස්සේ ඔවුන්ගේ ජන්ම දේශය. ආබ්‍රහම්, යාකොබ්, ඉසාක්, දාවිඩ්, ජේසුස් ඒ ඔක්කොම යුදෙව්වරු. (ස)
පුළුවන් නම් ඊශ්‍රායලයට ගහන්න කියන්න කෝ? (ස)
මුතුකුඩ,මොනවත් හරියට දන්නේ නැතුව කතාකරන්න එපා (නි)
යුදෙවුවරු කියන්නේ ලෝකයේ මොළේ වැඩිම ජාතිය. සිංහලයා මෙන් ලෝකයෙන් වදවී යන ජාතියක්. සිංහලයන් වන අපට යුදෙව්වන්ගෙන් ලොකු උපකාර ලබා ගන්න පුළුවන්. (නි)
කුමාර්,රෝස්,ඊශ්‍රායලය පලස්තීනය අාක්‍රමනය කළ අාකාරය ඔබලා නොදන්නවාට මුලු ලොවම එය ඉතා හොදින් දන්නා ප්‍රසිද්ධ රහසකි (නි)
බලෙන් රට අල්ලාගෙන ඉන්න ඊශ්‍රායල්කාරයා අනුන්ගේ හාල් කිරන්නැතිව තමුන්ගේ වැඩක් බලා ගත්තා නම් ඉවරයි. (ස)
මුතුකුඩ නමින් පෙනී ඉන්න කෙනා මොන වරිගේ කෙනෙක්ද? (නි)
ඊශ්‍රායලයට ජය වේවා ! (නදී)