මගීන් 56 දෙනකු රැගත් ඊජිප්තු ගුවන් යානයක් අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළේ සිට ඊජිප්තුවේ කයිරෝ නුවර දක්වා ගමන් ගනිමින් තිබූ යානය අඩි 37000ක් ඉහළ අහසේදී අතුරුදන්ව ඇතැයි කියති.
එම්එස් 804 වර්ගයේ යානය රේඩාර් පථයෙන් ඉවතට ගොස් සංඥා ලබාදීම නැවතී ඇති බවත් අවසන්වරට යානයෙන් සංඥා ලැබුණේ පෙරවරු 4.26ට පමණ බවත් ගුවන්තොටුපළ ආරංචි කියයි. යානයේ සිටි මගීන්ගෙන් වැඩි පිරිසක් ප්‍රංශ ජාතිකයෝ බව කියති.
යානය අතුරුදන්ව ඇත්තේ ඊජිප්තු ගුවන් සීමාවට ඇතුළුවී කිලෝමීටර් 16ක් පමණ ගමන් කිරීමෙන් පසුව බවද වාර්තාවේ.
COMMENTS
දැනට මාස කිහිපයකට පෙර ඊජිප්තුවේ සයිනායි ප්‍රදේශයේද මෙවන් අනතුරක් රුසියානු ගුවන් යානයකට සිදුවුනා. මෙම එයාර්බස් ඒ320 යානය ග්‍රීසියේ කර්පතෝස් දුපත අසලට කඩා වැටී ඇති බව ග්‍රීසිය විශ්වාස කරනවා. (බ)
ගිය අවුරුද්දේ රුසියානු යානය වගේ මේකත් ත්‍රස්ථවාදී වැඩක් වෙන්න පුළුවන්. එහෙම උනොතනම් ඊජිප්තුවේ සංචාරක ව්‍යාපාරේ ගොඩගන්න අම්මරු වෙනවා. කලින් සිද්දිය නිසා දැනටමත් සිනායි වලට ගොඩක් රටවල් පියාසර කරන්නේ නැහැ. (ර)
අහිංසක මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන තිරිසන්නු ජාතියක් ත්රස්තවාදීන් කියන්නේ (නි)