IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඊජිප්තුව සිරියා සබඳතා නවතී

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානනයට අයත් සටන්කාමීන් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට සහාය පළ කරමින් සිරියානු අර්බුදයට සම්බන්ධවීම ගැන විරෝධය පළ කරමින් සිරියාව සමඟ පවතින රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා අත්හිටුවීමට ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි ඊයේ (16) තීරණය කළේය.
සිරියාවේ ඩමැස්කස් නුවර පිහිටි ඊජිප්තු තානාපති කාර්යාලය වසා දමන බවත් තානාපති නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලය යළි ගෙන්වා ගන්නා බවත් මොර්සි පවසා ඇත.
සිරියා රජයේ හමුදා, හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව මේ වනවිට කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින ඇලෙප්පෝ නමැති නගරය මුදා ගැනීමේ මෙහෙයුම්වල නියැළී සිටී.
2011 වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මියගිය ගණන මේ වනවිට 93,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව කියා සිටියේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ නවතම වාර්තාව එළිදක්වමිනි. එම වාර්තාවේ දැක්වෙන අන්දමට වයස අවුරුදු 10 ට අඩු  ළමයින් 1,729 දෙනකු මියගිය පිරිස අතර බව එම වාර්තාවේ දැක්වෙයි.



අදහස් (0)

ඊජිප්තුව සිරියා සබඳතා නවතී

ලසන්ත Monday, 17 June 2013 10:11 AM

ඉතා හොද තිරනයක්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site