බලයෙන් නෙරපා දැමුණු ජනපති මොහොමඞ් මොර්සිට සහාය දක්වන ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය විසුරුවා හැරීමටත් එය රටේ තහනම් කිරීමටත් ඊජිප්තු හමුදාව සහ එරට නව අන්තර්වාර රජය සූදානම් වෙයි.
‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය විසුරුවා හැරීමටත් එය ඊජිප්තුවේ තහනම් කිරීමටත් සැරැුසෙන්නේ ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකරමින් රට අස්ථාවර කරනවා යැයි චෝදනා ද එල්ල කරමිනි.
රටේ කලබල ඇති කරමින් ජනතාව උසි ගන්වමින් රටේ කලබල ඇති කරන්නේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය බවත්, පක්ෂ කි‍්‍රයාකාරීන් සහ ආධාරකරුවන් මර්දනය කළ හැක්කේ එම පක්ෂය විසුරුවා හැරීමෙන් සහ තහනම් කිරීමෙන් පමණක් යැයි මොර්සි බලයෙන් නෙරපා දැමීමේ හමුදා කුමන්ත‍්‍රණය මෙහෙයවූ හමුදාපති ජනරාල් අබ්දෙල් ෆාටා අල් සීසි අවධාරණය කළේය.
හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු පිහිටුවූ නව අන්තර්වාර රජයේ අගමැති අගමැති හසීම් එඞ්බෙඞ්ලාවී මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (18) කියා සිටියේය. ඒ සඳහා අවශ්‍ය නීතිමය කි‍්‍රයා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව ද අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
මේ වනවිට හමුදාවත් පොලිසියත් මුස්ලිම් සහෝදරත්වය පක්ෂ සාමාජිකයන් සොයමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම ද සිදු කරයි. පෙරේදා (17) මුස්ලිම් සහෝදරත්වය පක්ෂ කි‍්‍රයාකාරීන් සහ ජ්‍යෙෂ්ඨයන් රැඳී සිටි කයිරෝ නුවර අල් ෆාත් මුස්ලිම් පල්ලියට පොලිසියත් හමුදාවත් කඩා වැදුණි.
පල්ලිය තුළ වෙඩි හුවමාරුවක් ද සිදුවිය. එයින් මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකුගේ පුතකු ද ජීවිතක්ෂයට පත්වූ බව මාධ්‍ය වාර්තා කළේය.
මුස්ලිම් සහෝදරත්වය පක්ෂය ඊයේ (18) නිවේදනය කළේ පොලිසිය එල්ල කළ ප‍්‍රහාරවලින් තම සාමාජිකයන් 250 දෙනකු මියගොස් ඇති බවය. මේ වනවිට 1,500 කට වැඩි මුස්ලිම් සහෝදරත්වය පක්ෂ සාමාජිකයෝ පොලිස් අත්අඩංගුවේ පසුවෙති.
මුස්ලිම් සහෝදරත්වය පක්ෂය ඉලක්ක කර ගනිමින් එල්ල වන ප‍්‍රහාරවලට විරෝධය පාමින් විදෙස් රටවල කිහිපයක එම පක්ෂයට සම්බන්ධ කි‍්‍රයානකාරීහු ඊයේ ඒ ඒ රටවල විරෝධතා පෙළපාළි සංවිධානය කර තිබුණි.
මේ අතර විරෝධතා සංවිධානය කළ සලාෆි නායක මොහොමඞ් අල් සවාරී අත්අඩංගුවට ගැනීමට ද ඊජිප්තු ආරක්ෂක අංශ පෙරේදා පියවර ගත්තේය.
මොහොමඞ් අල් සවාරී යනු අල් කයිඩා ත‍්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවාරිගේ සොහොයුරාය. මොහු මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිසරය ශ්‍රේෂ්ට රටකි.
මුස්ලිම් අය ඔවුන් ඔවුන්ම ඇණ කොටා ගන්නවා.මොවුන්ට ඇමරිකාවේ උගුල් ගැන නොතේරේන එක නම් මහ පුදුමයක්. (ස)
ලෝකයේ මොනම තැනක මොන දෙයක් වුනත් අන්තිමට වැරදි කාරයා වෙන්නේ ඇමෙරිකාව. (නි)
මාෂා අල්ලාහ්! අරගොල්ලෝ කොතනද එතන යුද්ධ,ගැටුම්. (නි)
අරාබි වසන්තය කියන නමත් මහා එපාකරපු නමක්. ඔය මිනිස්සු කිසිදේක ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ නැහැ. දරුණුම මිනිස් කොටසක් ඔය කලාපයේ ඉන්නේ. කොහොම වුණත් ඊජිප්තුවේ හමුදාව කළේ සපුරා නීති විරෝධී දෙයක්. කොහොම වුණත් හිටපු ජනාධිපති මොර්සි ගොඩක් තද ඉස්ලාම් ආගමිකයෙක්. මගේ අදහස නම් ඉක්මණින්ම අත්අඩංගුවේ ඉන්න මොර්සි ජනාධිපතිවරයා එලියට දාන්න වේවි. මුස්ලිම් සහෝදරත්වය විසුරවා හැරීම යනු දීර්ඝකාලීන සිවිල් යුද්ධයක් ඇතිවී සුන්දර මිසරය විනාශ වීමයි (නි)
සිරියාවේ වසන්තයෙන් දැන් 100,000 වැඩිය මරණයට පත් වෙලා තියෙනවා. (නි)
වැදගත් පුවතක් (නි)
බටහිර බලවේග සහ ඇමෙරිකාව අපිට එරෙහිව ක්‍රියාත්මක කරන මෙවැනි කූට උපක්‍රම පරාජය කිරීම අපි සියලු දෙනාගේ වගකීමක් වෙනවා. මෙවැනි දේවල් අපේ රට සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
ඉස්ලාමික් ජිවන රටාවට ලෝකයේ තද ඉල්ලුමක් තියනවා. හේතුව ලෝකයේ ජීවත්වීමට සීයට සීයක් ගැළපන මාර්ගය දෙවියන් මාර්ගයෙන් පෙන්නපු නිසා. (නි)
අප මරා දැමුවද අප නැගු හඩ සදා නොමියෙනු ඇත (නි)
කෝ පුංචි ටිකිරිලා එහෙම ..ඔයාලා ඉල්ලන අරාබි වසන්ත වල ප්‍රතිඵල තමයි මේ ඊජිප්තු වැසියෝ අද අත් විඳින්නේ..පේනවනේ ..එක මරණයක් දෙකක් නෙමෙයි..අඩුම ගානේ අරාබි වසන්තයක අවම මරණ ගණන 60/70 දාහක්..(ස)
මොන රටක ප්‍රශ්නයක් තිබුනත් එය උසි ගන්වා වාසි ගන්න ඇමෙරිකාව දක්ෂයි,අපිත් පරෙස්සමින් කටයුතු කරමු. මතකයිනේ අතීතය.(ස)
සුරංගගේ අදහසට මම එකඟයි. අපි පොඩිකාලේ ඊජිප්තුවේ ඉන්කා ශිෂ්ටාචාරය / මොහෙන්දොජාරෝ හරප්පා වැනි වටිනා ශිෂ්ටාචාර ගැන ඉගෙන ගත්තා. නමුත් සිරියාව පලස්තීනය ඊජිප්තුව වැනි මැදපෙරදිග රටවල් දැන් ගොඩ එන්න බැරි ගානට විනාශ වෙලා. විනාශ කරලා. මේවා පිටුපස ඉන්නේ කව්ද කියන එක බොහොමයක් රටවල මිනිස්සු දන්නවා. නමුත් දේශපාලනය නිසා කරකියාගන්න දෙයක් නැතුව එයාල ලතවෙනවා. වාසනාවට ලංකාවේ දැන් රජයට මේදේවල් හොදින් වැටහෙනවා. අරාබි වසන්තය ලංකාවෙත් ක්‍රියාත්මක කරන්න හුගක් විරුද්ද පක්ෂයේ දේශපාලකයෝ උත්සාහ ගත්තත් අරාබි වසන්තය ලොවට හදුන්වාදුන් ඊජිප්තුව අද ඒවායේ පලවිපාක අත්විදිනවා දැන් අපිට එළිපිටම පේන්න තියෙනවා. (අ)
ඊජීප්තුව කියන්නේ මහා ඉතිහාසක් ඇති රටක් ..... ඒ වගේම ආසියාව, අප්‍රිකාව අස්ථාවර කිරීම තමා දැන් යුරෝපයට අවශ්‍ය වෙලාතියෙන්නේ.....මෙය තේරුම් ගන්න තාම අපිට බැරිවෙලා ..... ශ්‍රී ලංකාවටත් ඉදිරියේදී කරන්න හදන්නෙත් ඒකමයි. (ස)