ඊජිප්තු ජනාධිපතිවරණය ඊයේ (23) ආරම්භ වූ අතර ජනපති ධුරය වෙනුවෙන් අපේකෂකයෝ 13 දෙනෙක් තරග වදිති.
ජනපතිවරණ කටයුතු ඊයේ උදෑසන අටට ආරම්භ විය. උදෑසන සිටම ඊජිප්තු වැසියන් ඡුන්දපොළවල පෝලිම් ගැසී සිටිනු දකින්න ලැබුණු බව මාධ්‍ය වාර්තා කළේය.
ඡුන්ද පොළවලට විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබුණි. ජනපතිවරණය අද (24) දිනය පුරාත් පැවැත්වේ. රට පුරා ඡුන්ද මධ්‍යස්ථාන 13,000 ක් කි‍්‍රයාත්මක වේ. මිලියන 50 කට වැඩි පිරිසකට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට වරම් හිමි වී තිබේ.
මෙම ජනපතිවරණය පැවැත්වෙන්නේ අරාබි වසන්තය හරහා මතු වූ ජනතා විරෝධය හමුවේ වසර 30 ක් තිස්සේ ඊජිප්තුවේ පාලකයාව සිටි ජනපති හොස්නි මුබාරක් ධුරයෙන් සමුගැනීමෙන් පසුවය. එම නිසා මෙම ජනපතිවරණය ඊජිප්තු වැසියන්ට ඓතිහාසික ඡන්ද විමසීමකි.
ජනපති ධුරයෙන් ඉවත් වෙද්දී මුබාරක් හමුදා පාලක මණ්ඩලයකට බලය පවරා දුන්නේය. වසරකට වැඩි කාලයක් තිස්සේ ඊජිප්තුවේ පාලන කටයුතු සිදු කළේ එම හමුදා පාලක මණ්ඩලයයි.
ඔවුන් පාලන බලය අතට ගත්තේ කඩිනමින් මැතිවරණයක් සහ ජනපතිවරණයක් පවත්වන බව පවසමිනි. එහෙත් එය දිනෙන් දින ප‍්‍රමාද වෙද්දී ඊජිප්තු වැසියෝ යළිත් වරක් කයිරෝ ඇතුළු ඊජිප්තුවේ ප‍්‍රධාන නගර රැසක විරෝධතා පවත්වන්නට වූහ.
කෙසේ හෝ අවසානයේදී ජනපතිවරණය පැවැත්වීමට ඊයේ දිනය නියම කෙරුණි.
ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්් 13 දෙනා අතරින් සිවු දෙනෙක් ඉදිරියෙන් සිටිති. හිටපු ඊජිප්තු විදේශ ඇමැති මෙන්ම අරාබි ලීගයේ ප‍්‍රධානියා ද වන අම්ර් මූසා ඉන් එක් අයෙකි.
ඔහු මෙන්ම තවත් අපේක්ෂකයකු වන අහ්මඞ් ෂෆීක් ද පරිණත දේශපාලනඥයෙකි. මොවුන් දෙදෙනාම හිටපු ජනපති මුබාරක්ගේ රජයට සම්බන්ධ වූවෝ වෙති. අහ්මඞ් ෂෆීක් මුබාරක්ගේ රජයේ අගමැතිවරයෙකි.
ඊජිප්තු වැසියන් බහුතරයකගේ විශ්වාසය දිනා ගැනීමට සමත් ව සිටින ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය නියෝජනය කරන්නේ මොහොමඩ් මුර්සිය. ඔහුට අභියෝගයක් වී ඇත්තේ ‘ඉස්ලාම් ව්‍යාපාරය’ නමැති දේශපාලන පක්ෂයේ නායක අබ්දෙල් මොනෙයිම් අබොයුල් ෆෝටාගෙනි.
ජනපතිවරණයට පෙර අදියර කිහිපයකදී මාස කිහිපයක් පුරා පැවැති අතුරු මැතිවරණවලදී ජයග‍්‍රහණය කළේ ද ඊජිප්තුවේ ඉස්ලාමීය දේශපාලන පක්ෂයි.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ අපේක්ෂකයන්ගේ උගත්කම් හා ප්‍රවීණත්වය.ලංකාවේ වගේ නෙවිනේ
ඔය ලෝකෙටම කැ ගැහුවට මොකද කරන තරමක් කරන්නේ ජරා වැඩ.කවදා හරි මම හිරේ යන්නේ මේ රටේ එකෙක්ව මරලා