IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඊජිප්තුවේ කයිරෝ අගනුවර ආගමික ගැටුම්: 24 ක් මරුට

ඊජිප්තුවේ කොප්ටික් කි‍්‍රස්තියානි ජනයා සහ මුස්ලිම් ජනයා අතර පෙරේදා (9) කයිරෝ අගනුවර දරුණු ගැටුමක් හටගත් අතර එහිදී පුද්ගලයෝ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දෙසීය දෙනෙක් තුවාල ලැබූහ. ගැටුම හටගත්තේ මීට දින කිහිපයකට පෙර කොප්ටික් කි‍්‍රස්තියානි පල්ලියකට මුස්ලිම් ජනයා එල්ල කළ ප‍්‍රහාරයක් හේතු කොටගෙන යැයි ඊජිප්තුවේ පාලනය බාරගෙන සිටින ‘හමුදා මණ්ඩලය’ පවසයි. එම ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් කි‍්‍රස්තියානි ජනයා, පෙරේදා සවස ඊජිප්තු රජයේ රූපවාහිනී ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් සිටියදී මුස්ලිම් වැසියෝ පිරිසක් එහි  කඩා වැදුණහ. එහිදී බහින් බස් වීමක් සිදුවූ අතර දෙපිරිස අතර ගැටුම් හට ගත් බව මාධ්‍ය වාර්තා කරයි. ගැටුමට සම්බන්ධ වූ පිරිස් කලහකාරීව හැසිරෙමින් අසල්වැසි ගොඩනැගිලිවලට සහ රථ වාහනවලට පහර දීමට පටන් ගැනීමත් සමඟ තත්ත්වය සමථයකට පත් කිරීමේ අරමුණින් පොලිස් සහ හමුදා භටයන් 1,000 ක් යෙදවීමට ඊජිප්තු පාලක හමුදා මණ්ඩලය පියවර ගත්තේය. ගැටුම සමථයකට පත් කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් ද මුස්ලිම් වැසියන් සමඟ එක්වී තමන්ට පහර දුන්නැයි කොප්ටික් කි‍්‍රස්තියානි ජනයා චෝදනා කරති. කෝපයට පත් පිරිස් පොලිස් නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ වාහනවලට ගිනි තැබූ බව වාර්තා වේ. එහිදී පොලිස් නිලධාරීහු නව දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වීම නිසා පෙරේදා රාති‍්‍රයේ කයිරෝ නුවරට ඇඳිරි නීතිය පැනැවීමට ද ඊජිප්තු පාලක හමුදා මණ්ඩලය කටයුතු කළේය. විදෙස් පුවත් සේවා වාර්තා කළේ කයිරෝ අගනුවර එකම යුද පිටියක් බවට පරිවර්තනය වී තිබුණු බවය.  වසර හතළිස් දෙකක් තිස්සේ බලයේ රැඳී සිටි ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්ට එරෙහිව ඉකුත් ජනවාරි මාසයේ ඇරැඹි ගැටුම් සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් පසු ඊජිප්තුවේ හට ගත් දරුණුතම ගැටුම මෙය ලෙස මාධ්‍ය වාර්තා කරයි. මුස්ලිම් බහුතරයක් ජීවත් වන ඊජිප්තුවේ කොප්ටික් කි‍්‍රස්තියානි ජනයා සියයට 10 ක් පමණි. හටගත් ගැටුම සම්බන්ධයෙන් කයිරෝ නුවර කොප්ටික් කි‍්‍රස්තියානි සහ මුස්ලිම් නායකයන් අතරේ ඊයේ (10) සාකච්ඡාවක් ද පැවැත්විණි. කයිරෝ නුවර ගැටුම්



අදහස් (0)

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ආගමික ගැටුම්: 24 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site