සිරියානු කැරැුලිකරුවන්ට සහාය දෙන ඉස්ලාමීය සටන්කාමීහු කණ්ඩායමක් පෙරේදා (27) එරට ඇලෙප්පෝ නුවර අසළ පිහිටි කුඩා නගරයකට කඩා වැදී එහි සිටි සිවිල් වැසියන් 51 දෙනකු ඝාතනය කළහ.


එම පිරිස මරා දැමුණේ හිසට වෙඩි තැබීමෙනි. කාන් අල් අසාල් නමැති එම නගරයේ වැසියන් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට සහාය දක්වන බව ද පැවැසෙයි.
සිරියානු අර්බුදය මේ වන විට සුන්නි සහ ෂියා මුස්ලිම් අර්බුදයක් බවට පරිවර්තනය වී ඇත. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය ඉක්මවා ඇතැයි ද පැවැසෙයි.


සිරියා රජයේ හමුදා, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින සිරියා නගරය එකිනෙක මුදා ගැනීමේ සටන් මේ වනවිට ආරම්භ කර ඇති අතර කැරැුලිකරුවන් දරුණු ලෙස පසුබැසීමකට ද ලක් සිටින බව වාර්තා වේ.