IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉරානයේ හමුදා මූලස්ථානයක ප‍්‍රබල පිපිරීමක්

ඉරානයේ විප්ලවීය හමුදාවට අයත් කඳවුරක සිදුවූ ප‍්‍රබල පිපිරීමකින් ඉහළ පෙළේ හමුදා නිලධාරියකු ඇතුළු සෙබළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිපිරීමෙන් තුවාල ලැබූ සෙබලූන්ගේ ගණන 23 කි. පිපිරීම සිදුවූයේ බිඞ් ගානේ හමුදා කඳවුරේ ආයුධ ගබඩාවේය. පිපිරීම සිදුවූ සැණින් විදෙස් පුවත් සේවා ප‍්‍රකාශ කළේ 27 දෙනකු ඉන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය. එහෙත් ඉරාන හමුදා ආඥාපති රාමේසාන් ෂරීෆ් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මියගිය ගණන 17 ක් පමණක් කියාය. පිපිරීම සිදුවූයේ පුපුරන ද්‍රව්‍ය තොගයක් ආයුධ ගබඩාවේ අසුරමින් සිටිද්දී බවත් එය සෙබළකුගේ අත්වැරදීමක් නිසා සිදුවූවක් බවත් ෂරීෆ් වැඩි දුරටත් හෙළිකර සිටියේය. පිපිරීමත් සමඟ ලෝකයේ බොහෝ දෙනා කලබලයට පත් වූයේ ඇමෙරිකාවෙන් හෝ ඊශ‍්‍රායලයෙන් හෝ ඉරානයට හමුදා ප‍්‍රහාරයක් එල්ල වෙන්න ඇති කියාය. 1979 වසරේදී ඉරානයේ විප්ලවීය හමුදාව පිහිටුවනු ලැබුවේ දේශීය වශයෙන් හෝ විදේශීය හෝ වශයෙන් හට ගන්නා  ඕනෑම සතුරු ප‍්‍රහාරයකට සාර්ථකව මුහුණ දිය හැකි ලෙසිනි. පසුගිය වසර කිහිපය පුරාවටම ඉරානයේ හමුදා ශක්තිය වැඩි කිරීමට විප්ලවීය හමුදා සෙබළු සමත් වූහ. ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවත් එය ලෝකයට තර්ජනයක් බවත් චෝදනා කරමින් ඇමෙරිකාව, ඊශ‍්‍රායලය සහ බි‍්‍රතාන්‍ය ඉරානයට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටියි. කෙසේ නමුත් ඔබාමා පරිපාලනය අවධාරණය කර ඇත්තේ රාජතාන්ති‍්‍රක මට්ටමින් සම්බාධක පනවා ඉරානයේ විනාශකාරී න්‍යෂ්ටික වැඩසටහනට බාධා කරනවා මිසක් හමුදා ප‍්‍රහාරයක් සැලැසුම් නොකරන බවය.



අදහස් (0)

ඉරානයේ හමුදා මූලස්ථානයක ප‍්‍රබල පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site