ඉරානයේ ගිණිකොන දිග චබාහා වරාය නගරයේ පොලිස් ප්‍රධාන කාර්යාලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිසියේ දෙදෙනකු මියගොස් 48දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෝටර් රථයක් තුළ බෝම්බය අටවා තිබූ බවත් මෙය සුන්නි ජිහාදි කණුඩායම් විසින් සිදුකරන ලද්දක් බවත් පොලිසිය පවසයි.
තුවාල ලැබූ අය අතර දරුවන් හතර දෙනකු ද ගර්භණී කාන්තාවක ද පොලිස් නිලධාරීන් 10දෙනෙකු ද සිටින බව පැවසේ.
කෙසේ වුවද පොලිසිය පවසන්නේ ඉරානයේ මරාලෙන මැරෙන ප්‍රහාර සිදුවන්නේ කලාතුරකින් බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd