ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප‍්‍රහාර රැුසකින් පුද්ගලයන් 66දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.එල්ල වූ බෝම්බ ප‍්‍රහාර බොහෝමයක් කාර් බෝම්බ ප‍්‍රහාර වූ අතර ඉන් ප‍්‍රහාර 11ක් එල්ල වූයේ ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් ජීවත්වන ප‍්‍රදේශවලටය.එම ප‍්‍රහාර වලින් 44 දෙනෙකු මියගොස් තවත් 120 දෙනෙක් තුවාල ලැබූහ.

මෙම ප‍්‍රහාර වල වගකීම මේ වනවිට කිසිවකුත් බාරගෙන නොමැති අතර ඉරාක පොලිසිය පවසා සිටියේ ප‍්‍රහාර එල්ල කරන්නට ඇත්තේ අල් කයිඩා සහය ලබන සටන්කාමීන් බවය.

2013 වර්ෂය ආරම්භයේ  සිට ඉරාකයේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් 6000කට පමණ ජීවිත අහිමි වී ඇති අතර එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පසුගිය ජූලි මාසයේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින්  සිවිල් වැසියන් ද ඇතුළුව ඉරාක වැසියෝ 1057ක් ජීවිතක්ෂයට පත්වූහ.2326ක් තුවාල ලැබූහ.එසේම වාර්තාවලින් තවදුරටත් කියැවුණේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩියෙන්ම සිදුවූයේ 2008 වසරේදි බවය.

ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රාමය නිමාකර පිටවී යෑමෙන් පසු, එරට හටගත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් මියගිය ගණන ලක්ෂ 5 ඉක්මවා ඇතැයි ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.