IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ඉබෝලා’ නිසා රුවන්ඩාව කොන්ගෝ දේශ සීමාව වසා දමයි

කොංගෝවෙන් ඉබෝලා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ එරට සමඟ තිබෙන දේශසීමාව වසා දැමීමට රුවන්ඩාව පියවර ගෙන ඇත.
කොංගෝ රාජ්‍යයෙන් ඉබෝලා වසංගතය පිළිබඳ සිදුවීම් තුනක් වාර්තා වීමත් සමඟ රුවන්ඩාව එම පියවර ගත්තේය.

“දෙරටේම ජනතාව ඉබෝලා වසංගතය නිසා පීඩාවට පත්වුණා. ඒ නිසා සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් දේශසීමාව වසා දැමීමට සිදුවනවා” යැයි රුවන්ඩා බලධාරීහු ප්‍රකාශ කළහ.

ඉබෝලා වසංගතය පැතිරුණු බවට තොරතුරු ලැබී ඇත්තේ කොංගොවේ ගෝමා නගරයෙනි. ගෝමා නගරය රුවන්ඩාව සහ කොංගෝව අතර දේශසීමාවේ පිහිටි නගරයකි. එම නගරයෙන් ඉබෝලා වෛරසය වැළඳුණු පුද්ගලයන් තිදෙනකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබේ.

ගෝමා නගරයේ මිලියන දෙකකට ආසන්න පිරිසක් ජීවත්වන අතර කොංගෝවේ ප්‍රධාන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයකි. මෙම නරගය රුවන්ඩාවේ ජුසෙනි නගරය හා සම්බන්ධ වේ. රුවන්ඩාවේ ජුසෙනි නගරයේ 85,000කට වැඩි පිරිසක් ජීවත් වෙති.

මෙම නගර දෙක අතර සබඳතා ඉතා ශක්තිමත් වන අතර බොහෝදෙනෙක් දේශසීමාවේ එහා මෙහා ගමන් කරමින් රැකියාවල නිරත වෙති. ඇතැම් අයගේ නිවාස ඇත්තේ අසල්වැසි නරගයේ ය. දරුවන් පාසල් අසල්වැසි රටට අයත් නගරයේ තිබෙන පාසල්වලටය.

රුවන්ඩාව ගෙන ඇති මෙම පියවර නිසා දෙරටේ බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති අතර රැකියාවට අසල්වැසි කොංගෝවේ ගෝමා නගරයට ගිය පිරිස්වලට නැවත නිවෙස් බලා යෑමට නොහැකි වී ඇතැයි ද පැවසේ. 
 
(ඒ.එෆ්.පී. ඇසුරිනි
 055)



අදහස් (0)

‘ඉබෝලා’ නිසා රුවන්ඩාව කොන්ගෝ දේශ සීමාව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site