IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දීය දුම්රිය ඇමැති ඉල්ලා අස්වෙයි

දුම්රිය ගාස්තු ඉහළ දැමීමත්, ඊට එරෙහිව ජනතා විරෝධයක් එල්ල වීමත් හේතුවෙන් ඉන්දීය දුම්රිය ඇමැති දිනේෂ් ති‍්‍රවේදි පෙරේදා (18) සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේය. ති‍්‍රවේදි, ඉන්දීය සන්ධාන රජයට එක්ව සිටින තෘණමූල පක්ෂයේ සාමාජිකයකු වන අතර එම පක්ෂයේ මහ ලේකම්වරයා ද වෙයි. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බලය අල්ලාගෙන සිටින්නේ තෘණමූල පක්ෂයයි. ප‍්‍රාන්ත මහ ඇමැතිනිය වන්නේ තෘණමූල පක්ෂ නායිකා මම්තා බෙනර්ජිය. වසර අටකට පසු ඉන්දියාවේ දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුවූයේ පසුගිය බදාදා (14) ය. එම අවස්ථාවේදී දිනේෂ් ති‍්‍රවේදිටත් ඉන්දීය රජයටත් දැඩි ජනතා විරෝධයක් එල්ල විය. දූෂණ වංචා චෝදනා එල්ල වීමෙන් අප‍්‍රසාදයට පත්ව සිටින ඉන්දීය රජය, දුම්රිය ගාස්තු ඉහළ දැමීමත් සමඟ තව තවත් ජනතා අප‍්‍රසාදයට ලක් වූයේ යැයි එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ති‍්‍රවේදිට ජනතාවගෙන් පමණක් නොව ඔහුගේ තෘණමූල පක්ෂ සාමාජිකයන්ගෙන් ද විරෝධයක් එල්ල විය. එම සංශෝධන ඉල්ලා අස්කර ගන්නැයි තෘණමූල පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු බලපෑම් කරන්න වූහ. ඔවුහු ඉකුත් 15 වැනිදා නවදිල්ලි නුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වූහ. තෘණමූල පක්ෂ නායිකා මම්තා බෙනර්ජිට ද ජනතා විරෝධයක් එල්ල විය. ඒ අනුව ති‍්‍රවේදි, ඉන්දීය අගමැති මන්මෝහන් සිංට ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව ඉන්දීය පාලක කොංග‍්‍රසයේ ප‍්‍රකාශක රතන් මුකර්ජි පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ති‍්‍රවේදිද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තම පක්ෂය තුළින් පැන නැගුණු බලවත් විරෝධය හේතුවෙන් සහ මම්තා බෙනර්ජිගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන තමා ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.



අදහස් (0)

ඉන්දීය දුම්රිය ඇමැති ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site