IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ඉන්දීය ටීවී - රේඩියෝ පාකිස්තානයේ බෑ‘

ඉන්දීය හමුදා කාශ්මීරයේ පාකිස්තාන දේශ සීමාවට එල්ල කළ ප්‍රහාරයත් සමග පාකිස්තානය තුළ ඉන්දීය රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකා විකාශය තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

දෙරට අතර සබඳතා පළුදු වීමත් සමග ඉන්දීය සිනමා පටවලටද පාකිස්තානය තුළ තහනමක් පැනවීමට පියවර ගෙන ඇත.

පාකිස්තානයේ ක්‍රියාත්මක ඉන්දීය කේබල් රූපවාහිනී නාළිකාවලටද මෙම නීතිය ක්‍රියාත්මක බවත් නීතියට පිටින් කටයුතු කළහොත් දැඩි පියවර ගන්නා බවත් පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය අනතුරු අඟවා තිබේ.



අදහස් (0)

‘ඉන්දීය ටීවී - රේඩියෝ පාකිස්තානයේ බෑ‘

පිටබැද්දර ජයා Monday, 03 October 2016 07:39 AM

එක දෙයක්, කට්ටිය මට හොඳට පහර දෙයි මේක කිවා කියලා, ඉන්දියානුවෝ කුල වසයෙන් බෙදිලා, ආගම් වශයෙන් බෙදිලා, බාෂාව අතින් ගත්තත් එහෙමයි, උතුර දකුණ ගත්තත් දකුණට වඩා කුලවන්තයෝ බුද්දෝමතුන් ඉන්නවා කියල හිතන්නේ උතුරේ , හැබැයි බාරතය කියන තැනේදී ඔක්කොම එකයි , ඒකට අපි ඔකේ අනිත් පැත්ත ඒ හින්ද රටක් හැටියට අපට වඩා ඒ අය ඉස්සරහින් ඉන්නවා. (ර)

:       0       0

පුජා Monday, 03 October 2016 02:16 PM

මේ මිහිතලයේ කිසිවෙක් ‘ජරා ජාතිකයෝ‘ කියා මිනිස් කොට්ටාසයක් නොමැත. අප සියලු දෙනාම මනුෂ්‍ය ජාතිකයෝ වෙමු. (බ)

:       0       0

එස්.සුරියසේන Sunday, 02 October 2016 04:45 PM

බංගලාදේශය, නේපාලය, චීනය, පකිස්ථානය සහ මාලදිවයින් වල බලය ඉන්දියාව තියාගෙන ඉන්න බව මේ රූපවතී කියනකම් දැනගෙන හිටියේ නැහැනේ. ඇත්තටම රුපවතී ඔයා සයිප්‍රස් රටේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරියක්වද්ද? (නි)

:       0       0

කමල් අබේදීර Sunday, 02 October 2016 07:10 PM

ඉන්දියානුවෝ ජරාම ජරා ජාතියක් නම් ඇයි දන්නේ නැහැ ලංකාවේ අය ලක්ෂ ගානක් වියදම් කරගෙන ඉන්දියානු ජරා දොස්තරලා ගාවට යන්නේ සංකීර්ණ සැත්කම් කරගන්න..? ඉන්දියාවේ හුළං වද්දාගන්නේ නැතුව ඔපරේෂන් ටික ලංකාවේම කරගන්න තිබුනනේ. (නි)

:       0       0

රූපවතී Sunday, 02 October 2016 05:56 AM

මේ ඉන්දියනුවොනම් මහා පුදුමම ජාතියක් ..එරටේ වගකිව යුත්තොත් ඒ වගේමයි ? බලන්න ..ඉන්දියාවට වටේට ඇති සියලුම රටවල් සමග ඉන්දියාව කොකුදමාගෙන ජීවිත කාලේම යුද්ධ ? කාශ්මීර දේශ සීමාව ප්‍රශ්නේ පලස්තීනය යුද්දෙටත් වඩා දිගයි ?බංග්ලාදේශ .නේපාලය ..චීනය .පකිස්තානය ,මාලදිවයිනෙත් දුපත් වල බලය තියාගෙන ඉන්නේ ඒ රටේ පාලකයන්වගෙයි හරියට ..?මේ ඉන්දියානුවෝ අපේ රටේ හුලගක් වදින දුරකට ගෙන්වා ගන්න එපා ..? ජරාම ජරා ජාතියක් ....?(බ)

:       0       0

රූපසිංහ Sunday, 02 October 2016 08:55 PM

නුවන්, මමත් රූපවතීගෙ අදහසට එකඟවෙනවා. මම මීට මාස කීපයකට කලිනුත් මේ උද්ගතවී ඇති තත්වය ගැන පැහැදිලි කිරීමක් කළා, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන. මොකද ඉන්දියාව දකුණු ආසියාවේ බලවතා නිසා ඉතා නිර්ලජ්ජී විදියට සෙසු රටවල ස්වාධීනත්වයට ඇඟිලි ගසනවා. (නි)

:       0       0

රූබි Sunday, 02 October 2016 08:59 PM

දිව්‍යානි, ඔයා දන්නා දෙයක් නැහැ. මම ගොඩක් ඉන්දියානුවන් ආශ්‍රය කරලා තියනවා. මම රූපවතීගේ අදහසට 200%ක් ස්ථිර කරමි. (නි)

:       0       0

අබේරත්න Monday, 03 October 2016 02:47 AM

මම රූපවතීගේ කියමන අගය කරනවා.....රූපවතීට ජයවේවා.....(බ)

:       0       0

දිව්‍යානි Sunday, 02 October 2016 12:05 PM

රුපවතී, මෝඩයා කට වහගෙන ඉන්නතුරු බුද්ධිමතෙක්ලු. (ර)

:       0       0

නුවන් Sunday, 02 October 2016 12:38 PM

රුපවති ගේ කතාව නම් හරියට හරි. යහපාලනයේ කෙනෙක් නෙවේ වගේ පෙන්නේ. එහෙන් ගිලන් රථ සේවයත්එ ගත්තා. එකට ත් ගහමු. රටේ ආර්ථිකය දියුණු වෙනවා කියලා කියන්නේ ඔය. (ර)

:       0       0

දිව්‍යානි Monday, 03 October 2016 11:11 AM

රූබි, ඔබ ගොඩක් ඉන්දියානු අයව ආශ්‍රය කරලා ඇති.සුළු තරයක් කරන වැරදි වැඩ වලට සමත්ත ඉන්දියානුවන්ටම ගැරහීම නොකළ යුත්තකි..අපගේ බුදු සමිදුන් ඉපදුන දේශය,,මහත්මා ගාන්ධි වැනි උතුම් මිනිසුන්ට ජන්ම ලාබය ලැබූ දේශයට, අපගේ පරිනත සංගීත විශාරදයන් පෙරදීග සංගීතය ඉගෙන ගැනීමට යන විශාරද මිනිසුන්ට ,සමස්තයක් වශයෙන් "ජරා ජාතියක්"යයි ගැරහීම ඔබ අනුමත කරන බවකි.(හේ)

:       0       0

රූබි Tuesday, 04 October 2016 03:15 AM

සීපා ගිවිසුම අත්සන් කළාට පසු ඉන්දියානුවෝ ගැන දිව්‍යානි, පුජා සහ ඉන්දියානු ගැති සියලු දෙනාටම වැටහේවි. නමුත් එවිට ගොඩක් පරක්කු වැඩියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29789 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11982 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10887 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 743 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 222 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 875 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site