ඉන්දියාවේ පතල් කර්මාන්තය සම්බන්ධයෙන් හට ගෙන ඇති අර්බුදය හේතුවෙන් අගමැති මන්මෝහන් සිං සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු ඉල්ලා අස්වන තුරු පාර්ලිමේන්තුවේ කටයුතුවලට තමන් බාධා කරන බවත් ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසයි. ඉන්දීය රජය, කිසිදු විනිවිදභාවයකින් තොරව එරට පතල් කැණීම් කටයුතු පෞද්ගලික සමාගම්වලට පවරා දී ඇති බවත් එයින් ඉන්දීය රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවූ බවත් ඉකුත් සිකුරාදා එළිදැක්වූ විගණන වාර්තාවක සඳහන් වෙයි. එම ගනුදෙනු සිදුවී ඇත්තේ, නිර්මල දේශපාලනඥයකු ලෙස ප‍්‍රකට මන්මෝහන් සිං (79) 2004 වසරේ සිට 2009 තෙක් කාලයේ පතල් කර්මාන්ත කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දීය. පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරමින් විරෝධතාවට එක් ව සිටින ඉන්දීය ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අරුන් ජෙට්ලි පවසන්නේ එම අයථා ගනුදෙනු සම්බන්ධයෙන් වගකීම බාර ගනිමින් සිං වහාම අගමැති ධුරයෙන් අස්විය යුතු බවය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු මේ පාර ඉන්දියාව මොකද කියන්නේ කියලා . මොනවා උනත් මන්මෝහන් සිං ඉන්දියාවට ඕන කෙනෙක්..එයාව ආරක්ෂාකර ගත්තොත් හොඳයි.. (ස)
ඉන්දියාව ඒ ගොල්ලන්ගේ පතල් වෙන අයට දීලා ලංකාවේ පතල් වලට අත දානවා. (ස)
අපේ රටෙන් ආධාරයක් ගන්නකෝ..(ස)