IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ මුඩුක්කු නිවාස තාප්පවලින් වැසේ

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ මස අගදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ඔහුට මුඩුක්කු නිවාස දර්ශනය වීම වැළැක්වීම සඳහා අහමදාබාද් නගරයේ නව තාප්ප ඉදි කෙරෙමින් තිබේ.

ඉන්දීය සංචාරය අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා අහමදාබාද් නගරයට ද පැමිණීමට නියමිතය.

තාප්ප ඉදි කෙරෙන්නේ ආරක්ෂක කරුණු මත බවත් මුඩුක්කු නිවාස තිබෙන ප්‍රදේශ සැඟවීමට නොවන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

එහෙත් තාප්පය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගත් පුද්ගලයා කීවේ වෙනත් යමකි.

“ආණ්ඩුවට ඕනෑ මුඩුක්කු වහන්න” යැයි කොන්ත්‍රාත්කරුවා කීවේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා අහමදාබාද් ගුවන් තොටුපොළට යෑමට නියමිතව ඇත්තේ ද තාප්ප ඉදි කෙරෙමින් තිබෙන මාර්ගයකිනි.

“මේ තාප්පය ඉතාම ඉක්මනින් ඉදි කරන්නැයි මට නියෝග ලැබිලා තියෙනවා. පෙදරේරුවන් 150කට වැඩි පිරිසක් දිවා රෑ නොබලා මේ වැඬේ ඉවර කරන්න මහන්සි වෙනවා” යැයි නම සඳහන් නොකළ එම කොන්ත්‍රාත්කරුවා කීවේය.

නගර අලංකරණ කිරීමේ සහ පිරිසුදු කිරීමේ පියවරක් ලෙස මෙම තාප්ප ඉදි කෙරෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ නිලධාරියා අවධාරණය කළේය.

කුමක් හෝ හේතුවක් මත ඉදි කෙරෙන මේ තාප්පය මීටර 400ක් දීර්ඝ වන අතර අඩි හතක් උසය. තාප්පයෙන් මුඩුක්කු නිවාස තිබෙන සම්පූර්ණ ප්‍රදේශයම වැසී යන අතර ඇමෙරිකානු නායකයාට ද තාප්පයට එපිටින් තිබෙන්නේ මොනවාදැයි දැක ගැනීමට නොහැකි වනු ඇත. මේ ප්‍රදේශයේ පවුල් 800ක් පමණ ජීවත් වෙති.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ද තාප්පයක් ඉදි කිරීමට පොරොන්දු දී ඇත. ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාවේ මේ තාප්පය ඉදි කෙරෙන අතර එය ජනාධිපති ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරයේ විශේෂ අංගයක් බවට ද පත්ව ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා පෙබරවාරි 24 සහ 25 යන දෙදින ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. දෙරට අතර උපයාමාර්ගික සබඳතා තහවුරු කරගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ. වෙළෙඳාම සම්බන්ධයෙන් හටගත් ආරවුල් නිසා දෙරට අතර සබඳතා තරමක් දුරට පහත වැටිණි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “කෙම් චෝ ට්‍රම්ප්” (ඔබට කොහොමද, ට්‍රම්ප්) යනුවෙන් නම් කළ වැඩසටහනකටද සහභාගී වීමට නියමිතය. අහමදාබාද්හි ක්‍රීඩාංගනයකදී මෙම ඉසව්ව පැවැත්වීමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පසුගිය සැප්තැම්බරයේදී ඇමෙරිකාවේ සංචාරය කළේය. එහිදි අගමැති මෝදි වෙනුවෙන් “හවුඩි මෝදි” යනුවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබිණි.

මෙම වැඩසටහනට මිලියන ගණනක් සහභාගී වනු ඇතැයි අගමැති මෝදි උපුටා දක්වමින් ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී අඟහරුවාදා පැවැසීය.  

පසුගිය දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් විය.

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී එය සම්මත විය. කෙසේ නමුත් සෙනෙට් සභාවේදී එය පරාජයට පත් වූ අතර ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදහස් කෙරුණි.

අහමදාබාද්හි පැවැත්වෙන ඉසව්ව ජනාධිපති ට්‍රම්ප්ට සිය දහස් ගණන් ඉන්දු-ඇමෙරිකානු ඡන්ද දායකයන්ගේ සහයෝගය දිනාගැනීමට උපකාරී වනු ඇතැයි පැවසේ.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

අහමදාබාද් යනු අගමැති මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාට්හි නගරයකි. ඉදි කෙරෙන නව තාප්පයෙන් මුඩුක්කු නිවාස වැසී යයි.

දුප්පත්කම සැඟවීම සඳහා ආණ්ඩුව මහජනතාවගේ බදු සල්ලි නාස්ති කරන බවට ද ජනතාව චෝදනා කරති.

“දරිද්‍රතාව සහ මුඩුක්කු තමයි අපේ ජීවිතයේ යථාර්ථය. ඒත් මෝදිගේ ආණ්ඩුවට ඕනෑ දුප්පත්කම සඟවන්න” යැයි පර්වත්බායි මෆාබායි පැවැසීය. ඔහු එදිනෙදා හමුවන වැඩ කරන්නෙකි. හෙතෙම දශක තුනක් මුළුල්ලේ ජීවත් වන්නේ මේ මුඩුක්කු නිවාසවලය. 

රොයිටර්

055



අදහස් (3)

ඉන්දියාවේ මුඩුක්කු නිවාස තාප්පවලින් වැසේ

Binkunndaa Friday, 14 February 2020 06:37 PM

එතකොට මුම්බායි වල පාරවල් දිගේ මලපහ කරන එක වහගන්නේ කොහොමද ?

:       0       0

Pradeep Saturday, 15 February 2020 02:42 AM

ඔය වියදම් කරන මුදලට තවත් මුදලක් එකතුකරලා ඒ මුඩුක්කු වාසීන්ට නිවාස සංකීර්ණයක් හදලා දුන්නානම් හැමෝම සතුටු වෙයි..

:       0       0

eresh Skumara Saturday, 15 February 2020 03:52 AM

දුප්පත් කම තාප්පවලින් වහලා රටක සංවර්ධනය බොරුවට මවා පෑම දුප්පතුන්ට කරන අසාදාරනයක්. සමහරවිට දුප්පත් කම දැක්කොත් ට්‍රම්ප් ට උදව් කරන්නත් හිතෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site