IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියාව - පාකිස්තානය අතර අර්බුදය විසඳන්න රුසියාව සුදානම්

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට සූදානම් යැයි රුසියාව අද (28) ප්‍රකාශ කළේය. න්‍යෂ්ටික අවි හිමි අසල්වැසියන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තවදුරටත් ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇති බව පවසමින් අර්බුදය විසඳීමට මැදිහත් වීමට සූදානම් යැයි රුසියානු බලධාරීහු කීහ. 

ඉන්දු පාකිස්තාන අර්බුදය සමථයකට පත් කිරීම සඳහා ඇමෙරිකාව ද දෙරටට සහාය දීමට සූදානම් යැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (28) පස්වරුවේ පැවැසීය. 

රුසියාව සහ ඉන්දියාව අතර සමීප සබඳතා පවතින අතර ඉන්දියාව විශාල වශයෙන් රුසියාවෙන් හමුදා උපකරණ මිලදී ගනි. පසුගිය කාලයේදී පාකිස්තානය සහ රුසියාව අතර තිබෙන සබඳතා ද වර්ධනය විය. 

“ඔවුන්ට අවශ්‍ය නම් අපි සූදානම් මැදිහත්කරුවකු වෙන්න” යැයි රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් උපුටා දක්වමින් රුසියාවේ “ටාස්” පුවත් සේවය වාර්තා කර තිබිණි. 

අපට යම් කළ හැකි නම් එයත් ඕනෑම උපකාරයක් අවශ්‍ය නම් එයත් කිරීමට රුසියාව සූදානම් යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශික මාරියා සකාරෝවා පැවැසුවාය. 

රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් ඊයේ (27) ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් හා කතාබහ කර ඇතැයි ද වාර්තා විය.

රොයිටර් ඇසුරිනි  

055

 



අදහස් (1)

ඉන්දියාව - පාකිස්තානය අතර අර්බුදය විසඳන්න රුසියාව සුදානම්

chandima Thursday, 28 February 2019 10:36 PM

ඇයි චන්ද්‍රිකා යන පාටක් නැතිද? එයාටත් ඔය වගේ එව්වා පෙන්නන්න බැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site