
අර්ධ සන්නායක නිෂ්පාදන කේන්ද්‍රස්ථනයක් ඉදි කිරීම සඳහාත් නිදහස් වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම් ඇති කරගැනීම සඳහාත් ඉන්දියාව සහ තායිවානය සාකච්ඡා ආරම්භ කර ඇත.
මෙම සාකච්ඡා දෙසැම්බර් 16 වැනිදා පැවැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෘහස්ත අර්ධ සන්නායක (සෙමිකන්ඩක්ටර්) නිෂ්පාදන කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ස්ථාපිර කිරීම ඉන්දු-තායිවාන සාකච්ඡාවල මූලික අරමුණ වී තිබෙන අතර මෙම සාකච්ඡාවලදී ඉන්දියාව සහ තායිවානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ ආයෝජන සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.
ලොව විශාලතම අර්ධ සන්නායක (සෙමිකන්ඩක්ටර්) නිෂ්පාදන සමාගම්වලින් දෙකක් වන ‘තායිවාන් සෙමිකන්ඩක්ටර් මැනුෆැක්චරින් කම්පනි (ටී.එස්.එම්.සී.) සහ යුනයිටඩ් මයික්‍රෝඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන් (යු.එම්.සී.) පිහිටා ඇත්තේ තායිවානයේ ය.
එම සමාගම් දෙකම හෝ දෙකෙන් එකක් ඉන්දියාවට ගෙන්වමින් ඉන්දියාව තුළ නිෂ්පාදනාගාරයක් ස්ථාපිත කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි.
මෙම නිෂ්පාදනාගාරය හෝ කර්මාන්තශාලා ඉදි කිරීම සඳහා ඉන්දියාව ස්ථාන කිහිපයක් ද යෝජනා කර ඇතැයි දැනගන්නට ලැබේ.
(මනි කන්ට්‍රෝල් පුවත් සේවය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd