IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියාවේ අවුරුදු 17ක පිරිමි ළමයකු සමඟ විවාහ වූ කාන්තාවක් අත්අඩංගුවට

අවුරුදු 17ක පිරිමි ළමයකු හා විවාහ වූ විසි හැවිරිදි කාන්තාවක ඉන්දියාවේ මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ හේතුවෙන් එම කාන්තාව සහ ඔවුන්ගේ මාස පහක් වයසැති දියණිය පසුගිය සති දෙකක කාලය තුළ බන්ධනාගාරගතව සිටි බව සඳහන් වේ.

පිරිමි ළමයාගේ දෙමව්පියන් පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන ඇත. ළමා ලිංගික අපචාර පනත යටතේ බරපතල චෝදනා ඇයට එරෙහිව ගොනුකර ඇති බව පොලිසිය පවසයි.

ඉන්දියාවේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමට නීතියෙන් අවසර ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි නම් පමණි. ස්ත්‍රීන්ට අවුරුදු 18 සම්පූර්ණ වූ විට විවාහ වීමට අවසර ඇති අතර එය පුරුෂයින් සඳහා අවුරුදු 21 සම්පූර්ණ විය යුතුය.

මේ හේතුවෙන් ළමා විවාහ නීතිය යටතේ ද ඇයට එරෙහිව චෝදනා නගා ඇති බව පොලිසිය පවසයි.

බීබීසී වාර්තාකාරිණී ගීටා පාණ්ඩේ පවසන්නේ මෙලෙස කාන්තාවක වයසින් අඩු පිරිමියක හා විවාහ වීම දුර්ලභ සිද්ධියක් බවයි. 

(බිබිසි ඇසුරිනි - 085)

 



අදහස් (0)

ඉන්දියාවේ අවුරුදු 17ක පිරිමි ළමයකු සමඟ විවාහ වූ කාන්තාවක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site