ඉන්දුනීසියාවේ හමුදා අංශ වලට “වඩාත්ම අවශ්‍ය” ත්‍රස්තවාදියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. සන්ටෝසා නම් ඔහු අබු වර්ධා ලෙසද හැදින්වූ අතර එරට හමුදා සමග කැලැවකදී ඇතිවූ සටනකදී මිය ගොස් ඇතැයි එරට රජය අනාවරණය කළේය.
අයි.එස් සංවිධානය සමග ප්‍රසිද්ධියේ එක්වූ ප්‍රථම ඉන්දුනීසියා සටන්කාමියා ඔහු බව සදහන් වේ. මුජාහිදීන් ඉන්දුනීසියා තිමුර් නම් ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා ඔහුය. ඔහුගේ දේහය හදුනාගැනීම සදහා ඩි.එන්.ඒ පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඔහු හා සම්බන්ධකම් තිබු අය ආශ්‍රයෙන් එම දේහය ඔහුගේ බව හදුනාගෙන ඇත.
මෙම ඝාතනය එරට හමුදාවේ සුවිශාල ජයග්‍රහණයක් ලෙස එරට ආරක්ෂක අංශ සලකයි. ආරක්ෂක අංශ භයානකම සහ අත්අඩංගුවට ගැනීමට වඩාත්ම අවශ්‍ය ලැයිස්තුවට එක් කර තිබු වැදගත්ම නමක් ලෙස ඔහුගේ නම සඳහන් කරයි. ලොව වැඩිම මුස්ලිම් ප්‍රතිශතයක් සිටින රට වන ඉන්දුනීසියාවේ බොහෝ පිරිස් මධ්‍යස්ථ ඉස්ලාම් දහම විශ්වාස කරති.ලෝක මුස්ලිම් ප්‍රජාවෙන් 12.7%ක් ඉන්දුනීසියාවේ වෙසෙන බව සදහන් වේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දුනීසියාවේ ත්‍රස්ත කණ්ඩායම් නායකයෙක් මරුට