ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 58 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුද්ගලයන් 74 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
මිය ගිය අය අතර කුඩා දරුවන් තිදෙනෙකු ද සිටින බව වාර්තා වේ.
කඳුකර ප්‍රදේශයේ ඇති වූ නායයාම් හේතුවෙන් නිවාස 4000කට පමණ හානි වී තිබේ.
විපතට පත්වූවන්ට සහන සැලසීම ආරම්භ කර ඇත.
4,000 කට වැඩි පුද්ගලයින් පිරිසක් තාවකාලික කඳවුරුවලට යොමු කර ඇත.
අල්ජසීරා පුවත්
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd