ඉන්දුනීසියාවේ බාලි දූපතේ අගුන් ගිනි කන්ද පිපිරීමට ආසන්න බවට කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් ලක්ෂයක් පමණ පිරිසක් ඉවත්කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
බලධාරීන් පැවසුවේ ගිනි කන්දේ විශාල පිපිරීමක් සිදුවිය හැකි බවයි.
දූපතේ පිහිටි නිගුරා රායි ගුවන් තොටුපල වසා දමා ඇති අතර සංචාරකයන් පිළිසරණක් නොමැතිව සිටින බව පැවසේ.
කඳු මුදුනෙන් මීටර් 3400ක් පමණ උසට අළු සහ කළු පැහැති දුමාරය විහිදෙන බවත් පිපිරුම් ශබ්ද කිලෝමීටර් 12ක් පමණ දුරට ඇසෙන බවත් එරට ආපදා කළමණාකරන ඒකකය පවසයි. මේ සම්බන්ධව හතරවන මට්ටමේ එනම් ඉහලම අගයක අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කර ඇත. රාත්‍රී කාලයේදී ආලෝක ධාරා නිකුත් වනු නිරීක්ෂණය වූ බවද කියැවේ.
(සී එන් එන් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd