පසුගිය සෙනසුරාදා මගින් 165දෙනෙකුගෙ ජිවිත බේරාගත් ඉතාලි ජාතික ගුවන් නියමු ජන්ලුකා රෙබෙත්ති මර්තින් වීරත්වයට පත්වෙමින් සිටින බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා ගුවන් නියමු සංගමය ද  ඔහුට සුබපැතීය. ජන්ලුකා මර්තින් මෙසේ කියයි. හංගේරියාවේ විෂ් ගුවන් සමාගමට අයත් එයාර් බස් 320 යානය බුකරස්ට් නුවර සිට චින්පිනෝ ගුවන් තොටුපලට රැගෙන ඒම මට පැවරුණා.

නියමිත වේලාවේදී යානය පහත් කරන්න රෝද ක්‍රියාත්මක කළා. වම් පස රෝදය ක්‍රියාත්මක උනේ නැහැ.ගුවන් පාලක මැදිරියෙන් උපදෙස් පැතුවා. දිග ධාවන පථයක් තියෙන ෆියුමිචිනෝ ගුවන්තොටුපළට යානය හරවා ඉදිරිපස හා දකුණු පස රෝදය පමණක් උපයෝගී කරගනිමින් වම්පස ඇන්ජිම ක්‍රියා විරහිත කර මම යානය ගොඩබස්සන්න සුදානම් වුණා.

ගිනි ගැනීමේ  අවදානමක් තිබුනත් මනස සැහැල්ලු කරගනිමින් අභියෝගයට මුහුණ දුන් නිසා මගේ මගීන්ගේ ජිවිත බේරගන්න මට පුළුවන් වුණා. යානයේ ගමන්ගත් ගැබිණි කාන්තාවක් මාධ්‍ය හමුවේ මෙසේ කීය. මම ගොඩක් බය උනා. ඒ නිසා යටි බඩ රිදෙන්න ගත්තා. රෝහල් වෛද්‍යවරුන් කියන්නේ දරු ගැබට මොනවත් වෙලා නැහැ කියලයි. ඔහු මිහිපිට දෙවියෙක්. මගේ දරුවගේ ජිවිතේ මෙන්ම අපි හැමෝගෙම ජිවිත ඔහු බේරුවා. යුක්රේන් ජාතික මගියෙකු කියනුයේ මෙවැනි කතාවකි. යානය පොළොවේ වදිනකොට මම මරණය සිහිකළා. නමුත් ජිවත් වෙන්න මට වාසනාව තිබුනා. කවදා හෝ සිදුවන මගේ මරණයේ අන්තිම මොහොතෙත් ජන්ලුකා මර්තින් කියන නාමය මට සිහියට නැගේවි.