දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදී පැවැත්විණි.
දකුණු කොරියා ජනාධිපතිවරයා ඇමෙරිකාවට පැමිණියෙත්, ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවූයේත්, බයිඩන් කළ ඇරැයුමකට අනුවය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු බයිඩන් සහ දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
කලාපීය ආරක්ෂක කටයුතු සහ චීනයෙන් එල්ල වන තර්ජව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු උතුරු කොරියාව කෙරෙහි බයිඩන්ගේ අවධානය යොමුවුණැයි පැවැසෙයි.
බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූ ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී, පැවැත්වූ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා දිගටම පවත්වාගෙන යෑමට තමන් කැමැති බවත්, අවස්ථාවක් ලැබුණු සැණින්, තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවන බවත් බයිඩන් පැවැසුවේ, මූන් ජේ ඉන් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හමුවුණු අවස්ථාවේදී, උතුරු කොරියාව වෙනුවෙන් නව නියෝජිතයකු පත් කිරීමට ද බයිඩන් කටයුතු කළේය.
උතුරු කොරියාව වෙනුවෙන්ල පත් කළ විශේෂ නියෝජිතයා වන්නේ අත්දැකීම් බහුල පරිනත රාජ්‍ය තාන්ත්‍රිකයකු වන සුන් කිම් ය.
බයිඩන්ට පෙර ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දී, උතුරු කොරියා නායක හමුවී සාකච්ඡා පැවැත්වීමට මඟ සකස් කර දුන්නේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ය. එසේ වූයේ මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්ති හේතුවෙනි.
ඉන්පසු අවස්ථා තුනකදී ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡාවලින් පසු උතුරු කෙරියාව න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කළත්, එය ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමින් සිදු නොවිණි.
වොෂින්ටනයේදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඩක් ලැබුණු සැණින් කිම් ජොන් උන් හමුවෙනවා