ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ කාර්යාලයකට පෙරේදා (25) සවස හදිසියේම කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එහි සිටි ඇමෙරිකා හමුදා නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළහ. වෙඩි ප‍්‍රහාරයෙන් මියගියේ ඇමෙරිකන් හමුදා මේජර්වරයකු සහ කර්නල්වරයෙකි. ප‍්‍රහාරයෙන් පසු කාර්යාලයේ සේවය කළ සෙසු හමුදා නිලධාරීන් සියල්ලන්ම ඉවත් කර ගැනීමට නේටෝ හමුදාව කටයුතු කළේය. වෙඩි ප‍්‍රහාරය එල්ලවූයේ නේටෝ හමුදා කඳවුරකදී විදෙස් හමුදා සෙබළුන් කිහිප දෙනකු, ශුද්ධ වූ කුරාණ පොත් ගිනි තැබීමකට එරෙහිව ඇෆ්ගනිස්තානය පුරා විරෝධතා සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පවතිද්දීය. එම ඇමෙරිකා හමුදා නිලධාරීන් දෙදෙනා ඝාතනය ඉතා බියගුලූ කි‍්‍රයාවක් ලෙස හැඳින්වූ නේටෝ හමුදා ජනරාල් ජෝන් ඇලන් වැඩිදුරටත් කියා සිටියේ එම කාර්යාලයේ සේවය කළ හමුදා නිලධාරීන් ඉවත් කර ගැනීමට කටයුතු කළ බවත්, ඝාතකයන්ට සුදුසු පිළිතුරු යථා කාලයේදී ලබා දෙන බවත්ය. අභ්‍යන්තර කටයුතු පිළිබඳ කාර්යාල සිටි හමුදා නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය තලේබාන් සංවිධානය විසින් බාර ගනු ලැබ ඇති අතර ඔවුන් එසේ කළේ කුරාණ පොත් ගිනි තැබීමට එරෙහිව පළි ගන්නටැයි ද ප‍්‍රකාශ කර තිබේ. මීට පස් දිනකට පෙර, එම කුරාණ පොත්වලට ගිනි තැබීම සිදුවූයේ ඇෆ්ගනිස්තානයේ බද්‍රාම් නුවර නේටෝ හමුදා කඳවුරේදීය. කෙසේ නමුත් කුරාණ පොත් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාවත් නේටෝවත් සිය කනගාටුව ප‍්‍රකාශ කරමින් ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායිට ලිපියක් ද එවා ඇත. එය හිතාමතා කරන ලද්දක් නොවන බව එම ලිපියෙහි සඳහන් වේ. කුරාණ ගිනිතැබීමට එරෙහිව විරෝධය පළ කරමින් ඊයේ (26) දිනයේ දී ද ඇෆ්ගනිස්තානය පුරා උද්ඝෝෂණ සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවිය. ඉකුත් සතියේ ඇරැඹි එම උද්ඝෝෂණ මැඬැලීමේදී හටගත් ගැටුම්වලින් මියගිය ගණන 27 ක් යැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.