ලෝකයම වෙළාගත් ත‍්‍රස්තවාදය ටිකෙන් ටික ඒ ඒ රවල්වලින් දුරස්ව යනවා වෙනුවට තවදුරටත් එම රටවල් පීඩාවට පත්කරමින් සිටින්නේ පූරුවේ කළ කරුමයක් සේය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක්ව ඇෆ්ගනිස්ථානයේ තලේබාන්, අල්ක්වයිඩා ත‍්‍රස්තවාදය සහමුලින්ම විනාශ කර දැමීමට ගත් උත්සාහයේ අවසානයක් නැති බව අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙන ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීම් සිද්ධිවලින් තහවුරු වෙයි.
ඉකුත් සැප්තැම්බර් 11 වැනිදාට යෙදී තිබූ ඇමෙරිකා වෙළෙඳ මධ්‍යස්ථාන ත‍්‍රස්ත ප‍්‍රහාරයේ දසවැනි සැමරුම ලොව පුරා සිටින ඇමරිකානුවන් අනුස්මරණය කරද්දී එම ප‍්‍රහාරය සිහිපත් කරමින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ත‍්‍රස්තවාදීන් විසින් යළි වරක් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබූහ. ඒ ඉකුත් 12 වැනිදා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ පිහිටි ඇමෙරිකා හමුදා මූලස්ථානයකට පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 9000ක් රැුගත් ට‍්‍රක් රථයක් එම මූලස්ථානයේ දී පුපුරුවා හරිමින්ය.
ඇමෙරිකාවේ සැප්තැම්බර් ත‍්‍රස්ත ප‍්‍රහාරය යළි සිහිකරමින් තලේබාන් ත‍්‍රස්තවාදීන් එල්ල කළ මෙම ප‍්‍රහාරය නිසා අහිංසක ඇෆ්ගන්වාසීන් දෙදෙනකුට මරු කැඳවූ අතර, බෝම්බ රැගත් ට‍්‍රක් රථය පුපුරා යාමෙන් නැගෙනහිර ඇමෙරිකා හමුදා මූලස්ථානයේ සිටි ඇමෙරිකා සෙබළු 80කට වැඩි පිිරිසක් ද මෙහිදී තුවාල ලැබූහ.
අදාළ බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ ප‍්‍රදේශය ඇෆ්ගනිස්ථානයේ වර්දාන් ප‍්‍රාන්තයේ සෙයිඞ් අබාද් නමින් හඳුන්වන අතර, ආදළ ප‍්‍රදේශයේ පිහිටි සියලූම රජයේ ගොඩනැගිලි සුන්බුන් බවට පත්ව ඇතැයි ද වාර්තා වූයේය.
අදාළ ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ කාබුල් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයේ දී සැප්තැම්බර් ත‍්‍රස්ත ප‍්‍රහාරයේ සැමරුම් උත්සවයක් පැවැත්වෙමින් තිබූ අතර ඊට ඇමෙරිකා සෙබළු 300කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.
එදා සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් මියගිය අපේම මව්වරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන් සිහිපත් කරන අවස්ථාවක මෙවැනි ප‍්‍රහාරයක් එල්ලවීම ඛේදනීය තත්ත්වයක් යැයි ඇමෙරිකා මැරීන් බළකායේ ජෙනරාල් ජෝන් ඇලන් පැවසීය.
නැගෙනහිර ඇෆ්ගනිස්ථාන ඇමෙරිකා හමුදා මූලස්ථානයට ප‍්‍රහාර එල්ල කළ සැණින්ම තලේබාන් ත‍්‍රස්තවාදීන් එම ප‍්‍රහාරයේ වගකීම බාරගත් අතර දස දහස් ගණනක් වූ ඇෆ්ගනිස්ථාන අහිංසකවැසියන්ගේ ලේ සෙලවීම් කළ ඇමෙරිකානු යටත්විජිත වාදය අවසන් කරන තුරු සිය සටන් මෙහෙයවන බවට තලේබාන් ත‍්‍රස්තවාදීහු අවධාරණය කරති.
සෑම සැප්තැම්බර් 11 වැනිදාවකම ඝාතනය වූ තම වැසියන් වෙනුවෙන් එම පළිය ගන්නා බව තලේබාන් ත‍්‍රස්තවාදීහු සපථ කරති.
(ඇසෝසියේටඞ් ප්‍රෙස් ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 16
82
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා කඳවුරකට කිලෝ නවදාහක බෝම්බයක්